ශූරයන්ව සිටි ශ්‍රී ලංකාව පළමු ගැටුමෙන්ම එළියට

6231

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර විස්සයි විස්ස පිරිමි ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙස ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර ඊයේ (04 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 8ක පරාජයක් ශ්‍රී ලංකාවට උරුම වූයේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 116 ක් ලබා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකාවට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණි.

නූර් අලී සඩ්‍රාන් ලකුණු 51 (52) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී නුවන් තුෂාර ලකුණු 17 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වූයේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 19.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 108 ක් පමණි.

නායක සහන් ආරච්චිගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 22 ක් ලබා ගත්තේය.

ඒ අනුව ඉන්දියාව, පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය යන රටවල් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව පසුගිය වර ආසියානු ක්‍රීඩා තරගාවලියේ ශුරයෝ වූහ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment