දේව මෙහෙයට ගොස් සිටියදී කෝටිපතියාගේ නිවසින් ලක්‍ෂ 70ක බඩු උස්සලා

160

උඩප්පුව, පුනවිටිය ප්‍රදේශයේ පදිංචි පොල් හා ඉස්සන් ගොවි පළක් හිමි කෝටිපති ව්‍යාපාරිකයකු ඊයේ (25 දා) අලුයම දේව මෙහෙයට ගොස් සිටියදී ඔහුට අයත් නිවසට ඇතුළු වී රුපියල් ලක්‍ෂ 70කට ආසන්න රන් හා මුදල් පැහැරගෙන ගොස් ඇතැයි උඩප්පුව පොලිසිය පවසයි.

කෝටිපති ව්‍යාපාරිකයා තම බිරිඳ හා දරුවන් සමග පුනපිටිය ජේසු බිලින්ඳා දේවස්ථානයේ පෙරේදා (22 දා) රාත්‍රි පැවැති නත්තල් දේව මෙහෙයට ගොස් ඊය් අලුයම නිවසට පැමිණෙන විට නිවසේ තිබූ රන් භාණ්ඩ හා මුදල් සොරාගෙන ගොස් ඇති බව පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේ දී එම ව්‍යාපාරිකයාගේ නිවසේ ජනේලයක් කඩා නිවසට ඇතුළු වී ඇති බව හෙළිකරගෙන ඇත. සොරකම සම්බන්ධයෙන් උඩප්පුව වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධම්මික කුලතුංග මහතාගේ උපදෙස් මත පොලිස් නිල සුනඛ එක්කයේ සහායෙන් විමර්ශන ආරම්භ කර ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment