අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා ගැටුම අද

140

ටැමිල් යුනියන් කණ්ඩායම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය යුද හමුදා කණ්ඩායම සහ ටැමිල් යුනියන් කණ්ඩායම අතර අද (02 වෙනිදා) කොළඹ එස්. එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා ගැටුම අද
යුද හමුදා කණ්ඩායම

මේ අතරින් යුද හමුදා කණ්ඩායම අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරයන් ද වේ. එමෙන්ම මෙම තරගාවලියේ මූලික වටය යටතේ පැවති තරග 12 න් 11ක් ජය ගැනීමට ටැමිල් යුනියන් කණ්ඩායම සමත් වී ඇත.

යුද හමුදා කණ්ඩායම මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ගෙන ඒමට අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල දායකත්වයක් ලබාදුන් සීක්කුගේ ප්‍රසන්න පිත්තෙන් ලකුණු 89ක් සහ පන්දු යැවීමෙන් ලකුණු 26කට කඩුලු 4ක් දවා ගත්තේය.

එම තරගයේදී යුද හමුදා කණ්ඩායම ලබා ගත් ලකුණු 246ට පිළිතුරු ලෙස ප්‍රතිවාදී එස්. කැපිටල්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 123ක් පමණි.

සීක්කුගේ ට අමතරව සුමින්ද ලක්ෂාන් ද තුන්ඉරියව් දක්ෂතා දක්වමින් පිත්තෙන් ලකුණු 33ක් සහ පන්දු යැවීමෙන් කඩුලු 4ක් දවා ගත්තේය.

සී.සී.සී. සහ ටැමිල් යුනියන් කණ්ඩායම අතර පැවති දෙවන අවසන් පූර්ව තරගයෙන් ලකුණු 16ක ජයග්‍රහණයක් ටැමිල් යූනියන් කණ්ඩායමට හිමි වූ අතර ටැමිල් යුනියන් කණ්ඩායම ලබා ගත් ලකුණු 238 හඹා ගිය සී.සී.සී. කණ්ඩායමේ සියලු ක්‍රීඩකයෝ ලකුණු 222කට දැවී ගියහ.

ටැමිල් යුනියන් කණ්ඩායම වෙනුවෙන් නායක සධීර සමරවික්‍රම එම තරගයේදී පන්දු 82කදී ලකුණු 74ක් ලබා ගත් අතර ප්‍රතිවාදී කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 37කට කඩුලු හතරක් දවාගනිමින් දස්කම් දැක්වූයේය.

සධීර සමරවික්‍රම නායකත්වය දරනු ලබන ටැමිල් යුනියන් කණ්ඩායමට සිතාර ගිම්හාන්, සංතුෂ් ගුණතිලක, රොන් චන්ද්‍රගුප්ත, ඉසුරු උදාන, දිල්රුවන් පෙරේරා, දිලුම් සුදාර සහ රවිඳු ප්‍රනාන්දු ඇතුළු පළමු වටයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෝ වෙති.

යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා නායකත්වය දරන අතර අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් එදිරිසිංහ, ශෙහාන් ප්‍රනාන්දු ගයාන් බණ්ඩාර සහ අසංක මනෝජ් යන ක්‍රීඩකයෝ තරග වැදීමට නියමිතව සිටිති.

ටැමිල් යුනියන් කණ්ඩායම – සිතාර ප්‍රනාන්දු, රොන් චන්ද්‍රගුප්ත්, රවිඳු ප්‍රනාන්දු, නවෝද්‍ය පරණවිතාන, ඉසුරු උදාන, දිල්රුවන් පෙරේරා, සංතුෂ් ගුණතිලක, සධීර සමරවික්‍රම (නායක) කවිඳු පතිරත්න පෙරේරා, දිලුම් සුධීර සහ කමේෂ් නිර්මාල්

යුද හමුදා කණ්ඩායම – ෂෙහාන් ප්‍රනාන්දු, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් එදිරිසිංහ, හිමාෂ ලියනගේ, අසේල ගුණරත්න, තිසර පෙරේරා (නායක) මහේෂ් කුමාර, සුමිද ලක්ෂාන්, අසංක මිනෝජ්, ගයාන් බණ්ඩාර සහ රශ්මික සිරිවර්ධන.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment