රට ගොඩනගන්න සැබෑ සිස්ටම් චේන්ජ් මෙන්න

459

අද ශ්‍රී ලංකාව තුළ අප මුහුණ දෙන කනගාටුදායක සංසිද්ධිය නම්, බල තණ්හාවෙන් සහ මවාගත් පටු දේශපාලනික හදිස්සියකින් අන්ධවූ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනඥයන් විසින් පවතින මැතිවරණ ක්‍රමවල දෝෂ සහිත බව සහ සැබෑ ලෙසම නිදහස් හා සාධාරණ නොවන බව නිසැකවම දන්නා නිසා, හුදෙක් මැතිවරණයක් පමණක් ඉල්ලා උණ ලෙඩුන් වතුර ඉල්ලන්නාසේ කෑමොර දීමයි. ඊට අමතරව, ලොවම හෙල්ලූ ඓතිහාසික සාමකාමී අරගලය විසින් අත්‍යවශ්‍ය සිස්ටම් චේන්ජ් සඳහා වූ ප්‍රමාදය, දැඩි ලෙස කරලියට ගෙනවුත් තිබියදීත්, සමහරක් ඊනියා දේශපාලන පඬිවරුන්, විද්වතුන් සහ රාජ්‍ය නොවන සංවිධාන ද ඊනියා දේශපාලනික බෑන්ඩ් වැගනයට ගොඩවී, ජුගුප්සාජනක ලෙස ඊට උඩගෙඩි දීම අපට ප්‍රහේළිකාවකි.

“වෙනස්වීම ජීවිතයේ නීතියයි. අතීතය හෝ වර්තමානය දෙස පමණක් බලන අයට අනාගතය මග හැරෙනු නිසැකය” – ජෝන් එෆ් කෙනඩි 1948 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට ශ්‍රී ලංකාව අත්සන් තැබූ දින සිට, අපගේ විද්වතුන් ඇතුළු දේශපාලන සහ සිවිල් ප්‍රජාතන්ත්‍රවාදීන් ලෝකයේ සෙසු රටවල් අනුගමනය කරමින්, ‘මැතිවරණ’ කැඳවන සෑම විටම ‘මැතිවරණය’ යන වචනයට විශේෂණ පද 2 ක් එකතු කරමින්, ‘නිදහස් හා සාධාරණ මැතිවරණයක්’ ඉල්ලා උද්ඝෝෂණ කළහ. මෙම වාක්‍ය කණ්ඩය, එම විශ්ව ප්‍රකාශනයේ පහත පරිදි කියවෙන 21 (3) වගන්තිය මත පදනම් විය.

ජනතාවගේ කැමැත්ත රාජ්‍ය අධිකාරියේ පදනම විය යුතුය; මෙම කැමැත්ත, සර්වජන හා සමාන ඡන්ද බලය සහිතව රහස් ඡන්දයෙන් හෝ ඊට සමාන නිදහස් ඡන්ද ක්‍රියා පටිපාටි තුළින් හෝ කාලාන්තරව පවත්වනු ලබන අව්‍යාජ මැතිවරණවලින් ප්‍රකාශ වියයුතුය.

ඉහත 21 වැනි වගන්තියේ භාවිත වූ “සර්වජන සමාන ඡන්ද බලය” හා අව්‍යාජ, යන වචන නිරූපණය කිරීම සඳහා නිදහස් සහ සාධාරණ යන යෙදුම ආදේශ කර ඇති බව උපකල්පනය කළ හැක. මෑතකදී, එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු ද ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමටය.

කෙසේ වෙතත්, අද ශ්‍රී ලංකාව තුළ අප මුහුණ දෙන කනගාටුදායක සංසිද්ධිය නම්, බල තණ්හාවෙන් සහ මවාගත් පටු දේශපාලනික හදිස්සියකින් අන්ධවූ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනඥයන් විසින් පවතින මැතිවරණ ක්‍රමවල දෝෂ සහිත බව සහ සැබෑ ලෙසම නිදහස් හා සාධාරණ නොවන බව නිසැකවම දන්නා නිසා, හුදෙක් මැතිවරණයක් පමණක් ඉල්ලා උණ ලෙඩුන් වතුර ඉල්ලන්නාසේ කෑමොර දීමයි. ඊට අමතරව, ලොවම හෙල්ලූ ඓතිහාසික සාමකාමී අරගලය විසින් අත්‍යවශ්‍ය සිස්ටම් චේන්ජ් සඳහා වූ ප්‍රමාදය, දැඩි ලෙස කරලියට ගෙනවුත් තිබියදීත්, සමහරක් ඊනියා දේශපාලන පඬිවරුන්, විද්වතුන් සහ රාජ්‍ය නොවන සංවිධාන ද ඊනියා දේශපාලනික බෑන්ඩ් වැගනයට ගොඩවී, ජුගුප්සාජනක ලෙස ඊට උඩගෙඩි දීම අපට ප්‍රහේළිකාවකි. මන්දයත්, රට තුළ ක්‍රියාත්මක වන දෝෂ සහිත, ඵලදායි නොවන මැතිවරණ ක්‍රම මෙන්ම ස්ථර 04කින් සමන්විතවූ දේශපාලන පරිපාලන ව්‍යුහය තුළ කුසලතාවයන් පසෙක තබා ඥාති සංග්‍රහයට හා දූෂණයට ආවැඩීම නිසා පක්ෂග්‍රාහී අකාර්යක්ෂම රාජ්‍ය සේවාවක්ද පසුගිය දශක කිහිපය තුළ මුල් බැස තිබූ හෙයින්, 225 ම චුත කළ යුතුය සහ ‘ගෝඨා ගෙදර යනු’ වැනි සටන් පාඨ සාමකාමී අරගලය විසින් එළිදැක්වීමට හේතුවූ බව ඔවුහු හොඳින්ම දන්නා නිසාය.

එනිසා දැන්වත් එම ඊනියා බුද්ධිමතුන් විසින් වැරදි ගසට බිරීම නවත්වා, අව්‍යාජ නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් හා සඵල දේශපාලනික හා රාජ්‍ය පරිපාලන ව්‍යුහයක් තහවුරු කරන පහත සඳහන් තීරණාත්මක සිස්ටම් චේන්ජ් ඉල්ලා පෑනෙන් සාමකාමී අරගලයක් සිදුකර, ඡන්දයේ සමානාත්මතාවය, ශ්‍රී ලාංකීකත්වය, සහ පාර්ලිමේන්තුවේ / පළාත් සභාවල අරමුණු සැබෑ ලෙස ක්‍රියාත්මක කිරීමට සුදුසුම ‘රට පළමුව – දේශපාලන වෘත්තිකයින්ගේ නියෝජනය සහතික කළ හැකි ඡන්ද ක්‍රමයක් ලබා දෙන්නේ නම්, ඕනෑම ඉදිරි මැතිවරණයකට මුහුණ දීමට සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් පතන ස්වෛරී ඡන්දදායකයන් සූදානම්ය.

මැතිවරණ ක්‍රමය / දේශපාලන පරිපාලන ව්‍යුහය පිළිබඳව ලියුම්කරුගේ පෙර යෝජනා.

රචක විසින් මැතිවරණ ප්‍රතිසංස්කරණ/සිස්ටම් චේන්ජ් පිළිබඳව පරිපූර්ණ පැකේජයක් අදාළ බලධාරීන්/සංවිධාන වෙත වරින් වර සිදු කළ ඉදිරිපත් කිරීම් පහත සඳහන් පරිදි කාලානුක්‍රමිකව සිහිපත් කිරීමෙන්, පාඨකයන් ප්‍රස්තුත සන්දර්භය තුළ රඳවා තබා ගැනීමට ඉවහල්වේ යැයි හඟිමි.

  1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ලාල් විජේනායක මහජන කමිටුව-2016-ජනවාරි.

2.මැ.කො.සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීම – 2017-ජූලි

  1. කැබිනට් මණ්ඩලය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත් කළ නීති විශේෂඥ කමිටුව – 2020-නොවැ.
  2. මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව – 2021-ජුනි.

5.මැ.කො-සභාපති – 2021-මාර්තු/අප්‍රේල්.

  1. මැතිවරණ කොමසාරිස් ජනරාල් – 2021-ජුනි/ජූලි

7.පැෆරල්/CMEV/CaFFe-2020/2021

  1. පුවත් පත් කර්තෘ වෙත ලිපි සහ විශේෂාංග ලිපි – 1997 සිට අද දක්වා.

ඉහත සඳහන් ආයතන වලින්, ලදුපත හැරෙන්ට මේ දක්වා වෙනත් ප්‍රතිචාර නොලැබීම රටේ අවාසනාවකි.!

මැතිවරණ සිස්ටම් චේන්ජ් යටතේ රචකගේ සර්වග්‍රාහී යෝජනාවලියේ සාරාංශයක්

  1. ‘මිශ්‍ර සාමාජික ඡන්ද’ (MMV) ක්‍රමය, ‘මනාප ඡන්දය’ සහ ‘පැතිමාරු’ යන යාන්ත්‍රණ අහෝසි කර පක්ෂවල ‘දිස්ත්‍රික් මට්ටමේ කුසලතා ලැයිස්තු තුළින්’ ප්‍රඥාවන්ත සහ අව්‍යාජ, රට පළමු – දේශපාලන වෘත්තිකයන් තෝරා පත් කර ගැනීමට මග පෑදීම.

ඒ සඳහා, ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් නියම කරනු ලබන අවම සුදුසුකම් නිර්ණායකයින් හා ප්‍රමිතිගත ලකුණු ලබාදීමේ ක්‍රමයක් සහිත පොදු ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක් සියලුම පක්ෂ විසින් අනිවාර්යයෙන් අනුගමනය කළ යුතුය. (රචක විසින් මේ වන විටත් පුවත්පත් ලිපි මගින් යෝජිත ක්‍රමවේදය සඳහන් කර ඇත) එලෙස පත්වන දේශපාලන වෘත්තිකයන්ගෙන් සමන්විත මධ්‍යම පාර්ලිමේන්තුවක් හා පළාත් සභා තුළ, හොරකම් හා දූෂණයට ඉඩක් නොලැබෙන අතර, වත්මන් කපටි හා බලලෝභී දේශපාලන පැලැන්තිය නිතරම මතුරන ඊනියාිස්ථාවර ආණ්ඩුවකට වඩා විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගත හැකි ප්‍රශස්ථ ආයතන බවට ඒවා පත්වනුවා නියතය. මෙය සාමකාමී අරගලයේ තාරුණ්‍යය විසින් අපේක්ෂා කරන මූලික සිස්ටම් චේන්ජ් එකකි.

  1. මුලදී සඳහන් 1948 – එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයට අනුව, ජාති, කුල හෝ ආගම් වෙනස්කම් නොසලකා සමාන වටිනාකමකින් යුත් ඡන්ද පත්‍රිකාවක් රැගෙන සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස උතුරු, දකුණ, නැඟෙනහිර සහ බටහිර වසන සියලුම ඡන්දදායකයින්ට තමන් කැමති පක්ෂයට පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි, පිළිවෙළින් දිස්ත්‍රික් සහ රටපුරා ඡන්ද % නියෝජන පදනම මත, පළාත් සභා සහ ජාතික පාර්ලිමේන්තුවට මන්ත්‍රී ආසන ගණනය කළ යුතුය. ජාතික සංහිඳියා ව්‍යායාමයේ සාර්ථකත්වය සඳහා මෙය වැදගත් පූර්ව අවශ්‍යතාවයකි.
  2. කුසලතා අනුපිළිවෙලට සැකසුනු සියලුම දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවල සෑම පුද්ගලයින් 05 දෙනෙකු අතරට අවම වශයෙන් එක කාන්තාවක් සහ අවුරුදු 35 ට අඩු එක තරුණයෙකු/තරුණියක් ඇතුළත් කිරීම අනිවාර්ය කිරීමෙන් කාන්තා සහ තරුණ නියෝජනය (20% බැගින්) සුරක්ෂිත කිරීම.
  3. ජාතික ඡන්ද % මත පදනම්ව තිරසර ශ්‍රී ලාංකේය කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම. එමඟින් කුඩා පක්ෂවලට ද කැබිනට් මණ්ඩලයට එක්වීමට හිමිකම් ලැබේ. එවිට අපගේ ජාතික ප්‍රශ්නය විසඳී පුරවැසියන් වශයෙන් ශ්‍රී ලාංකිකයන් පමණක් වසන තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ලෝකයට ආදර්ශයක් වීමට අපේ රටට හැකිවනු ඇත.
  4. පස් අවුරුදු පක්ෂ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඡන්දදායකයින්ගේ තීරණයට බලපාන ප්‍රධානතම සාධකය වශයෙන් සන්නාම ගත කිරීම සඳහා ඒවා නිසි නියාමනයකයට යටත් නඩු පැවරිය හැකි ලේඛන බවට පත් කිරීම.
  5. පළාත් සභා අරමුණාත්මකව ශක්තිමත් කර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය සහ ප්‍රතිලාභ සහේතුක කිරීම.
  6. මැතිවරණ පද්ධතියේ පිරිවැය සඵලතාවය සහතික කිරීම සඳහා උපාය මාර්ගික පියවර ගැනීම. උදා. විද්‍යුත් ඡන්ද ක්‍රමය හඳුන්වාදී, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සමග හැකි නම්, අදාළ ජනමත විචාරණය ද එක් දිනක පැවැත්වීම.

දේශපාලන පරිපාලන ව්‍යුහය සහේතුක කිරීම සඳහා රචක විසින් යෝජනා කරන ලදිසිස්ටම් චේන්ජ්’

  1. සැබෑ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා පළාත් පාලන ස්ථරය සහේතුක කිරීමට ක්‍රමයක්.

1997 අප්‍රේල් මාසයේදී තරම් අතීත වකවානුවක රචක විසින් දේශපාලන පරිපාලන පද්ධතියේ පහළම LG ස්ථරය සහේතුක කිරීම සඳහා ‘ග්‍රාම රාජ්‍ය’ සංකල්පය මත පදනම්වූ ක්‍රමයක්, ඉංග්‍රීසි පුවත්පත් ලිපියක් මගින් පළාත් පාලන මැතිවරණයට සරල විකල්ප ක්‍රමයක් යන මාතෘකාව යටතේ යෝජනා කරන ලදී. සුපුරුදු පරිදි, එය බලධාරීන්ගේ අවධානයට ලක් නොවීය.

පක්ෂග්‍රාහීත්වය, දූෂණය, උද්දච්චකම හා හීනමානය වැනි දුර්ගුණයන් වර්තමාන දේශපාලනිකවූ පළාත් පාලන පරිපාලනයේ මූලික ලක්ෂණ බවට පත්ව ඇති නිසා, වරිපනම් බදු ගෙවන පුරවැසියන්ට එම ක්‍රමය දැන් තිත්තවී ඇති බැවින් පහත සඳහන් අවශ්‍යතා ඉටු වෙන සිස්ටම් චේන්ජ් සිදුවනතෙක් ඔවුහු අපේක්ෂා සහගතව බලා සිටිති.

I, නිශ්චිත කුඩා බල ප්‍රදේශයන් තුළ සැබෑ අවශ්‍යතා හඳුනාගෙන වඩා සමීප ප්‍රවේශයක් මගින් ඒවා ඉටුකර ගැනීමට හැකි වීම.

II, පළාත් පාලන ආයතනවල සැබෑ අරමුණු සාක්ෂාත් වීම.

III. කිසිදු දේශපාලන පක්ෂග්‍රාහිත්වයකින් හෝ දූෂණයකින් හෝ තොරව ස්වාධීනව පවත්වා ගෙන යෑමට හැකිවීම.

IV, ශ්‍රී ලංකාවේ වපසරියට ගැලපෙන පරිදි ක්‍රමය සරල වීම.

V, පද්ධතියේ පිරිවැය-සඵලතාවය ප්‍රායෝගිකව නියාමනය කිරීමට හැකිවීම.

ස්වාධීන ජන සභා

උසස් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් තුළින් තිරසාර රටක් නිර්මාණය කිරීම සඳහා, සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය (NMSJ) විසින් යෝජනා කරන ලද ‘ජන සභා’ ඉදිරියේදී පිහිටුවීමත් සමඟ ඛඨ යාන්ත්‍රණය දේශපාලනීකරණයෙන් ඉවත් කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ (DSD) සමඟ ඒකාබද්ධ කිරීමට සරල ක්‍රමයක් රචක විසින් පුවත් පත් තුළින් යෝජනා කර ඇත.

මෙහිදී ග්‍රාම නිලධාරී කොට්ඨාශ (GND) මට්ටමින් ස්ථාපිත වන ‘ජන සභා’ (JS) සඳහා නීත්‍යානුකූල පිළිගැනීමේ ක්‍රියාවලිය අවසන් වෙමින් පවතින බැවින්, මීළඟ ඛඨ මැතිවරණය එම ‘ජන සභා’ මගින් නම්කරනු ලබන ස්වාධීන නියෝජිතයන් සඳහා පමණක් පහත ක්‍රමවේදය යටතේ සිදු කිරීමට යෝජනාවේ.

බර්නාඩ් ප්‍රනාන්දු
හිටපු නියෝජ්‍ය මහා කළමනාකරු
ලංකා බැංකුව

advertistmentadvertistment
advertistmentadvertistment