වතු ජනයාගේ අයිතිවාසිකම් ඉල්ලා කම්කරුවෙක් පාලමක නැග විරෝධයක

98

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති (01) දින වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබාදෙන ලෙස බල කරමින් වතු කම්කරුවෙක් පාලමක් මත නැග විරෝධතාවයක් ඇරඹීය.

මෙසේ පාලමක් මත නැග විරෝධතාවක නියැලි සිටියේ නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචි එල්.ටී.ටී. සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිට පසුව පුනරුත්තාපනය කරන ලද රාමලිංගම් අම්බුරාජ් නමැති 39 හැවිරිදි එක් දරු පියෙකි.

හැටන් බගවන්තලාව සහ මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් මංසන්ධියේ කෙසෙල්ගමුඔය හරහා ඉදිකර ඇති පාලම මත මෙම පුද්ගලයා විරෝධතාවයේ නියැලි සිටියේය.

විරෝධතාවයේ නියැලී සිටි රාමලිංගම් අම්බුරාජ් කියා සිටියේ වසර 200 ක් මේ රටේ තේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන වතු කම්කරු ප්‍රජාවට නිසි ගෞරවයක් ලබාදීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

තවද වතු ප්‍රජාවගේ යටිතල පහසුකම් නංවාලීමට කිසිදු රජයක් මේ වන තෙක් පියවර ගෙන නොමැති බවත්, වතු ප්‍රජාවගේ දරුවන් හොඳින් අධ්‍යාපනය ලබා ඇතත්, එම දරුවන්ට රජයේ රැකියා ලැබී නොමැති බවත්, එයට විරෝධය පාමින් තමන් විරෝධතාවයේ නියැලි සිටින බව රාමලිංගම් අම්බුරාජ් වැඩිදුරටත් කියා සිටියේය.
ඡායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment