නෑනාට අතවර කළ මස්සිනාට දස වසරක සිරදඬුවම් සහ ලක්‍ෂ පහක වන්දි

629

බිරියගේ බාල සොහොයුරිය දූෂණය කිරීමෙන් අනතුරුව ඇය විසින් දරුවකු බිහිකර තිබේ. එම වරද පිළිගත් මස්සිනාට වසර දහයක ලිහිල් වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙස කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ජයකීද අල්විස් මහත්මිය විසින් ඉකුත් 29 දා චූදිතට නියම කරන ලදී. මෙසේ සිරදඬුවම් නියම වූයේ මාවනැල්ල පොලිස් වසමේ පදිංචි අයෙකුට ය. 2015 නොවැම්බර් මස 20 වන දින විත්තිකරුගේ බිරිය හා දරුවා නිවසින් බැහැරව ගිය අවස්ථාවක බිරියගේ නැගණිය වන බාලවයස්කාර සිසුවිය දූෂණය කොට ඇති අතර මෙය කිසිවෙකුටත් නොකියන ලෙසටද පොරොන්දු කරගෙන ඇත.

ඵහෙත් දැරිය අසනීප තත්ත්වයෙන් පසුවන නිසා පෞද්ගලික වෛද්‍ය වරයෙකු වෙත ගොස් පරීක්ෂා කිරීමේදී ඇය ගැබිනියක් බවට තහවුරු වීමෙන් පසු මාවනැල්ල පොලිසියට වාර්තා වී විත්තිකරු අත්අඩංගුවට ගෙන මාවනැල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර පසුව නීතිපති දෙපාර්තමේන්තුව මගින් කෑගල්ල මහාධිකරණය වෙත යොමුකොට ඇත.

විත්තිකරු වරද පිළිගැනීමෙන් පසූ මහාධිකරණ විනිසුරුවරිය විසින් ඉහත දඬුවම් නියම කර ඇත.

කොටියාකූඹුර – රම්‍යපාල සහ කෑගල්ල – එම්. බී. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment