මහවැලි කලාපයේ ඉඩම් ප්‍රා.ලේකම්වරුන්ට පවරන්න එපා – ගොවිජන එකමුතුව එප්පාවලදී විරෝධතාවේ

147

මහවැලි කලාපයේ ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමේ තීන්දුව වහා හකුලා ගන්නා ලෙස බල කරමින් එප්පාවල මහවැලි ගොවිජන එකමුතුව එප්පාවල නගරයේදී විරෝධතාවක නිරත වූහ.

එප්පාවල පොලිස් මංසන්ධියේ සිට එප්පාවල නගරය දක්වා පා ගමනින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ කියමින් පැමිණි විරෝධතාකරුවන් එප්පාවල නගරයේදී පැයකට ආසන්න කාලයක් විරෝධතාවෙහි නිරත වූහ.

ජාතිවාදී දොල පිදේනි මත මහවැලි ඉඩම් මංකොල්ලය වහා නවතන ලෙසත්, රනිල්ගේ අයවැයේ 13 වැනි යෝජනාව හකුලා ගනිව්, මහවැලි අධිකාරියට අයත් ඉඩම් වල අයිතිය ප්‍රාදේශීය ලේකම්ට පවරන යෝජනාව හකුළා ගනිව්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම් වල අයිතිය ප්‍රාදේශීය ලේකම්ට පවරන යෝජනාව හකුලා ගනිව් ආදී සටන් පාඨ කියමින් මොවූහු විරෝධතාවෙහි නිරත වූහ.

මහවැලි කලාපයේ ඉඩම් ප්‍රා.ලේකම්වරුන්ට පවරන්න එපා - ගොවිජන එකමුතුව එප්පාවලදී විරෝධතාවේ

එහිදී අදහස් දැක්වූ බන්දුල පියරත්න ආර් 403 ඩී 3 සොයුරු- ගොවි සංවිධානයේ සභාපති – අද දවසේ එප්පාවල ගොවි අම්මා – තාත්තා එප්පාවල නගරයට ආවේ, 2023 අයවැය ලේඛනයේ 13 වැනි පරිච්ඡේදයේ රනිල් රාජපක්‍ෂ කියන, පින් ජනාධිපතිවරයා, කූට විදිහට අපේ ජීවිතේ විනාශ කරන්න අපේ ඉඩම් මංකොල්ල කන්න සූදානම් වෙලා තිබෙනවා. ඒ ඉඩම් මංකොල්ලයට එරෙහිව ගොවි අම්මා තාත්තා මහ පාරට ඇවිල්ලා අද කියන්නේ ගොවි ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න සූදානම් වෙන්න එපා, එය දැඩි ලෙස දින තුනක් තුළ අහෝසි කරන්න කියන පණිවුඩය දෙන්න ආවේ. එනිසා රනිල් රාජපක්‍ෂට අපි කියනවා පහුගිය අවුරුදු දෙකේ ගොවි අම්මා තාත්තා ඇතුළු හැටනව ලක්‍ෂයක් ගෝඨාභය රාජපක්‍ෂට ඡන්දය දීලා ඒ වෙච්ච මුලාවේදී ගෝඨාභය රාජපක්ෂ ඒ හැටනව ලක්‍ෂයක් ඇතුළු මේ රටේ ජනතාව එළවා දමා ඒ ගොවි ජීවිතේට කරපු විනාශයට, නැවත වතාවක් මේ පනතක් ඇතුළේ, මේ අයවැය ලේඛනය ඇතුළේ සූදානම් වෙනවා නම් ගොවි අම්මා තාත්තාගේ ජීවිත විනාශ කරන්න, ගොවියාගේ ඉඩම් මංකොල්ලයක් සිදුකරන්න සූදානම් වෙනවා නම්, රනිල් රාජපක්‍ෂට අපි කියනවා, ඔයා ජනාධිපතිවරයෙක්, ඔය කරන්නේ රාජපක්‍ෂ පවුල රකින එක. රාජපක්‍ෂ පවුල රකිනවා වෙනුවට මේ මහජනතාව රකින්න සූදානම් නම්, මහජනතාවගේ හෙට දවස ගැන හිතනවා නම්, මේ දහතුන් වැනි යෝජනාව අනුව මහවැලියට තියෙන ඉඩම්වල බලතල ප්‍රාදේශීය ලේකම්ට පවරන කූට උපක්‍රමය, කූට වංචාව නවත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා යැයි පැවැසීය.
හේෂාර සේනාල් – අනුරාධපුර

advertistmentadvertistment
advertistmentadvertistment