හොර මහෙස්ත්‍රාත් නෝනා හා රියැදුරු අත්අඩංගුවට

5270

මහෙස්ත්‍රාත්වරියක ලෙස ව්‍යාජව පෙනී සිටි තැනැත්තියක හා ඇයගේ වාහනය පැදවූ රියැදුරු 19 දා අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නො: 55 කළුතර, ගල්කිස්ස පදිංචි යුවළකි.

වරකාපොළ නගරයේ පදික මාරුව අසලදී ගමන් ගත් ප්‍රාඩෝ වර්ගයේ රිය නතර කර පොලිස් නිලධාරීන් රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේදී රථයේ සිටි තැනැත්තිය ඇය ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරිය බව පවසා ඇත. ඒ බව සැක සිතූ නිලධාරීන් රියැදුරු මහතාගෙන් රියැදුරු බලපත්‍රය ඉල්ලා ඇත. එය ද ඔහු ළඟ තිබී නැත. පොලිස් නිලධාරීන් ඇඹිලිපිටිය පොලිසියට දුරකථන ඇමතුමක් දී තොරතුරු දැන ගැනීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

වරකාපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ යුවළ වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වරකාපොළ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සහ පො. කො. 8560 සූරිය බණ්ඩාර යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

වරකාපොළ – සරත් ආනන්ද ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment