ගාලු පාපන්දු ක්‍රීඩාංගණය රැක දෙන්න ජනතාව උද්ඝෝෂණයක

144

ගාල්ල නගරයේ ඇති එකම පාපන්දු ක්‍රීඩාංගණය ලෙස සැලකෙන ගාලු කොටු පවුර ආසන්නයේ ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට යාබදව පිහිටි ගාලු පාපන්දු ක්‍රීඩාංගණය ජාතික ජනබල වේගයේ සමුළුවක් සඳහා ගාල්ල නගරාධිපතිවරයා විසින් මුදල් අයකර ලබා දීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගාල්ලේ පාපන්දු ක්‍රීඩකයෝ, දෙමාපියෝ ක්‍රීඩා ලෝලීහු ඇතුළු ප්‍රදේශවාසී ජනතාව විසින් ඊයේ (27දා) පෙරවරුවේදී උද්ඝෝෂණයක් පවත්වනු ලැබූහ.

පසුගිය කොවිඩ් වසංගතයෙන් පසු පරිහානියට පත්වූ ගාලු පාපන්දු ක්‍රීඩාංගණය පසුව ගාල්ලේ පාපන්දු ක්‍රීඩකයන්, ක්‍රීඩා ලෝලීන්, දෙමාපියන් ඇතුළු ප්‍රදේශයේ පිරිස් නැවත ගොඩනගා ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයට පත්කර ඇති බවත් එම ක්‍රීඩාංගණය නගරාධිපතිවරයා විසින් දේශපාලන වුවමනා සඳහා යොදා ගැනීමට ලබා දීමට ඉඩ නොදිය යුතු බවත් ගාල්ල දිස්ත්‍රික් පාපන්දු සංගමයේ බලධාරියෙකු වන නීතිඥ තිළිණ පණ්ඩිතරත්න මහතා එම විරෝධතාවයේදී සඳහන් කළේය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment