විස්සයි විස්ස ලෝක කුසලානයට ධර්මසේන සහ මඩුගල්ලත්

526

එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා තරග තීරකවරුන් සහ විනිසුරුවන් නම් කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. එ් අනුව එ් සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරග තීරකවරයෙකු ලෙස රංජන් මඩුගල්ල සහ විනිසුරුවරයෙකු ලෙස කුමාර ධර්මසේන ඇතුළත්ව සිටී.

 ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා තරග තීරකරුවන් සිව්දෙනකු නම්කර තිබේ. එ් අනුව රංජන් මඩුගල්ලට අමතරව ජවගල් ශී‍්‍ර නාත්, ඬේවිඞ් බූන් සහ ජෙෆ් ක්‍රෝ මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී තරග තීරකවරුන් ලෙස කටයුතු කිරීමට නියමිතව තිබේ.

 තරගාවලිය සඳහා විනිසුරුවරුන් 16 දෙනකු නම් කර ඇති අතර ඊට කුමාර ධර්මසේනට අමතරව අලිම් ඩාර්, කි‍්‍රස් බ‍්‍රවුන්, මාරයිස් ඉරුස්මස්, කි‍්‍රස් ගැෆනි, මයිකල් ගෝ, එ්ඩි‍්‍රයන් හෝල්ඞ්ස්ටොක්, රිචඞ් ඉලින්ග්වර්ත්, රිචඞ් කෙට්ල්බරෝ, නිතින් මෙනන්, අහසන් රාසා, පෝල් රයිෆල්, ලැන්ග්ටන් රූසර්, රොඞ් ටකර් සහ ජොයිල් විල්සන් එම 16 දෙනාට ඇතුළත්ව සිටී.

 විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ලබන 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සහ ඕමානයේදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment