ප්‍රමිතියට නැති බොරතෙල් නිසා සපුගස්කන්දේ  ඉන්ධන නිෂ්පාදනය 22% කින් බැහැලා

163

කොරල් එනර්ජි නමැති සමාගමක් හරහා මෙරටට ගෙනා බොරතෙල්වල ප්‍රමිතියේ පවතින ගැටලුවක් නිසා මේ වන විට සපුගස්කන්ද පිරිපහදුවේ පෙට්‍රල්, ඩීසල් නිෂ්පාදනය සියයට විසිදෙකකින් පහත වැටී ඇතැයි පිරිපහදුවේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය.

ඩුබායි හි ලියාපදිංචි මෙම සමාගමෙන් බොරතෙල් හෝ පිරිපහදු කළ ඉන්ධන මිලදී නොගන්නා ලෙසට තෙල් සංස්ථා උසස් නිලධාරින් දිගින් දිගටම කරුණු පෙන්වා දුන්නත් බැරලයකට ඩොලර් 15 ක මුදලක් හා ප්‍රිමීයම් ගෙවීම් ලෙස ඩොලර් 24 ක් ගෙවමින් එම සමාගමෙන් මෙම බොරතෙල් තොගය මෙරටට ගෙනැවිත් තිබේ.

ඒ අනුව මෙරටට ගෙනා බොරතෙල් මෙටි්‍රක් ටොන් 99,000 ක් භාවිතා කර සපුගස්කන්ද පිරිපහදුව ක්‍රියාත්මක කළත් ඉන් සියයට 52 ක්ම නිපදවෙන්නේ දැවිතෙල් බව නිලධාරියා කියා සිටියේය.

එම සමාගමෙන් ආනයනය කළ අනෙක් බොරතෙල් මෙටි්‍රක් ටොන් 90,000 ක් අඩංගු නෞකාව 23 වැනිදා කොළඹ වරායට පැමිණ තිබුණත් එය නිදහස් කර ගැනීමට ඩොලර් නොගෙවීම නිසා ඊයේ (29 වැනිදා) වනවිටත් නැංගුරම්ලා තිබිණි. සපුගස්කන්ද පිරිපහදුවට සරිලන්නේ මර්බන් වර්ගයේ බොරතෙල් බවද එම නිලධාරියා කීය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment