ස්කොට්ලන්තය පෙරට එයි

254

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ලද දෙවැනි තරග ජයග‍්‍රහණය සටහන් කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම ඊයේ (19 වැනිදා) සමත්විය. එ් පැපුවානිව්ගිනියානු කණ්ඩායම ලකුණු 17කින් පරාජයට පත්කරමිනි.

 තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩය යටතේ තරග වදින ස්කොට්ලන්ත කණ්ඩායම මෙවර  සහභාගි වූ පළමු තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත්විය. එ් අනුව ඊයේ පැපුවානිව්ගිනියානු කණ්ඩායමට එරෙහිව වාර්තා කළ ජයත් සමගින් එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට මේ වනවිට සමත්වී තිබේ.

 අබුඩාබිහි පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කෝට්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 9ක් දැවී ලකුණු 165ක් වාර්තා කළේය. එ් අනුව ජයග‍්‍රහා ඉලක්කහ හඹා ගිය පැපුවානිව්ගිනියානු කණ්ඩායම පන්දුවාර 19.3කදී මුලූ ලකුණු 148කට සියලූ දෙනා දැවී ගියේය.

 පැපුවානිව්ගිනියානු ඉනිමේ පළමු කඩුලූ 6 මුලූ ලකුණු 67දී බිඳ වැටුණද නෝමන් වැනුව් (47), කිප්ලින් ඩොරිගා (18) සහ චාඞ් සොපර් (16) එක්ව ජයග‍්‍රහණය පෙනෙන තෙක් මානයට සිය කණ්ඩායම රැගෙන ආහ.

 ස්කොට්ලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක කී‍්‍රඩා කළ රිචී බෙරින්ටන් පන්දු 49කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 70ක් වාර්තා කළේය. මැතිව් ක්‍රොස් පන්දු 36කදී ලකුණු 45ක් වාර්තා කළේය. එ් හැරුණුකොට ස්කොට්ලන්ත ඉනිමේ අවසන් පිතිකරුවන් තිදෙනාම ලකුණු නොලබා දැවී යෑම කැපී පෙනුණි.

 ලකුණු තත්තවය

 ස්කොට්ලන්තය පන්දුවාර 20දී කඩුලූ 9ක් දැවී ලකුණු 165යි

 පැපුවානිව්ගිනියානු කණ්ඩායම පන්දුවාර 19.3කදී සියලූදෙනා දැවී ලකුණු 148යි.

advertistmentadvertistment
advertistmentadvertistment