කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රා. සභා මන්ත්‍රී වෙඩි තබා ඝාතනය කරයි

754

කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වූ සුමුදු රුක්ෂාන් පින්තු මහතා ඊයේ (02 දා) සවස වෙඩි තබා ඝාතනය කර තිබේ.

පින්තු මහතා තම ඉදිකිරීම් අංගනයක් ආසන්නයේ සිටියදී මුල්ලේරියාව උඩුමුල්ල සුසාන භූමිය අසලදී මෙලෙස ඝාතනය කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනෙකු විසිනි. මියගිය පුද්ගලයා කලකට පෙර මියගිය පාතාල සාමාජික කරාටේ ධම්මිකගේ ඥාති සහෝදරයෙකි. මුල්ලේරියව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුසන්ත මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ පැවැත්වේ.

හේමන්ත රන්දුණු – යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment