පොහොට්ටුවෙන් ගිය අයට නාමල්ගෙන් ආරාධනාවක්

353

පක්ෂයෙන් වෙන්න ගිය සියලු දෙනාට නැවත එක්වන ලෙස ආරාධනා කරන බවත් එකට එක්වී සාකච්ඡා කර වමේ දේශපාලනය ශක්තිමත් කරමු යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද ඉල්ලා සිටියේය.ඔහු එම ඉල්ලීම කළේ හම්බන්තොට නගරයේ අද පැවැති සටන අරඹමු හම්බන්තොටින් තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ජන හමුවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් සහභාගී වූහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. ඇතැම් දෙනාට හිත් රිදීම් අමනාපකම් ඇති.ඒවා අමතක කරමු.අපි අලුත් ගමනක් යමු.අද පාර්ලිමේන්තුවේදී අප ලැබූ ඡන්ද හැට නව ලක්ෂයට බොහෝ දෙනා අයිතිවාසිකම් කියනවා.මට සන්තෝෂයි අපේ තාත්තාගේ එම ඡන්ද හැට නව ලක්ෂයට එක එක්කෙනා අයිතිවාසිකම් කීමේ ගැන.

advertistmentadvertistment
advertistmentadvertistment