ළමුන්ට සහ වැඩිහිටියන්ට හෙට සත්වෝද්‍යාන නොමිලේ

150


හෙටට යෙදී ඇති ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වු වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලයේ ඇතුලු වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදී ඇත. කෘෂිකර්මල වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙස් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන තිබේ.
සත්වෝද්‍යානවල දී දරුවන්ට සතුන් පිළිබඳ අධ්‍යාපනික දැනුම ලබා දීමට අධ්‍යාපනික වැඩ සටහන් රැසක් ද සංවිධානය කර ඇති අතර දරුවන්ට හා වැඩිහිටියන්ට විනෝද වීමට අවස්ථාව ලබා දෙමින් සතුන්ට ආහාර දීමට හා සතුන් සමග ඡායාරූප ගැනීමට ද අවස්ථාව සලසා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment