අතුරුදන්වූ පාසල් සිසුවාගේ මළ සිරුර බූස්ස පිටිවැල්ල මුහුදු තීරයෙන් හමුවෙයි

95

බූස්ස පිටිවැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටිය දී අතුරුදහන්ව සිටි 14 හැවිරිදි පාසල් සිසුවාගේ මළ සිරුර අද (09) උදෑසන බූස්ස පිටිවැල්ල වෙරළ තීරයට ගොඩගසා තිබියදී හමුවී ඇති බැව් රත්ගම පොලිසිය පවසයි.

මෙකී පාසල් සිසුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගාල්ල කරාපිටිට ශික්ෂණ රෝහලට රැගෙන යෑමට කටයුතු කරන බැව් රත්ගම පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ මැරෙන්ජ සචින්ත නැමැති බූස්ස පාවර ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි. ඉකුත් (07) වැනි දින පස්වරුවේ මෙකී පාසල් සිසුවා තවත් මිතුරන් හය දෙනකු සමග මෙම වෙරළ තීරයට පැමිණ තිබුණි. ඔවුන් වෙරළ තීරයේ සෙල්ලම් කරමින් සිටිය දී මෙම පාසල් සිසුවා දිය නෑම සඳහා මුහුදට බැස ඇත. ඒ සමග රළ පහරකට හසුවී මෙම පාසල් සිසුවා ගසා ගෙන ගොස් ඇති බැව් රත්ගම පොලිසිය පවසයි.

මෙම පාසල් සිසුවාගේ සිරුර සෙවීම සඳහා නාවික හමුදාව හා ප්‍රාදේශවාසීන් එක්ව විශේෂ මෙහෙයුමක් ද ආරම්භකොට තිබුණි. රත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment