කිරිපටි ආනයන බදු සම්පූර්ණයෙන් ඉවත් කරයි

210

රට තුළ පවතින කිරිපිටි හි`ගයට පිළියමක් ලෙස ආනයනික කිරිපිටි ස`දහා පනවා තිබූ බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

 මේ ස`දහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමේ බලය කැබිනට් මණ්ඩලය මගින් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාට පවරා ඇත.

 ලෝක වෙළෙ`ද පොළේ මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් කිරිපිටි මිල ඉහළ නංවන ලෙස කිරිපිටි සමාගම් දිගින් දිගටම රජයෙන් ඉල්ලීම් කර තිබූ අතර රජය ඊට අවසර නොදීම හේතුවෙන් කිරිපිටි ආනයනය අත්හිටුවීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කරනු ලැබීය.

 රට තුළ පවතින තත්ත්වය යටතේ එවන් මිල ඉහළ දැමීමක් සිදු කිරීමට නොහැකි බැවින් මේ පිළිබ`දව දිර්ඝ ලෙස සාකච්ඡුා කිරීමෙන් අනතුරුව ආනයනික කිරිපිටි මත පනවා තිබූ බදු ඉවත් කිරීමට කැබිනට් මණඩලය තීරණය කළ බව කැබිනට් ප‍්‍රකාශක ජනාමධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

 කැබිනට් තීරණ දැනුම් දීම ස`දහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව ස`දහන් කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment