ටෙස්ට් තරග ශතකය සැමරීමට අශ්වින්- බෙයාර්ස්ටෝ – කේන් සූදානමින්

127

තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින්, එංගලන්තයේ ජොනි බෙයාර්ස්ටෝ සහ නවසීලන්තයේ කේන් විලියම්සන් සූදානමින් පසු වෙති.

එංගලන්තය සහ ඉන්දියාව අතර අද (07 දා ) ධර්ම ශාලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී අශ්වින් සහ බෙයාර්ස්ටෝ සිය 100 වැනි තරගය සඳහා ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසු වූහ.

එමෙන්ම නවසීලන්තය සහ ඔස්ටේ්‍රලියාව අතර හෙට ආරම්භ වන ටෙස්ට් තරඟයේදී කේන් විලියසන් සිය 100 වැනි ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමට නියමිතය.

2010 වසරේ ඉන්දියාව සමග පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ විලියම්සන් මේ වනවිට ටෙස්ට් තරග 99කදී ලකුණු 8675ක් ලබාගෙන ඇත.

බටහිර ඉන්දීය කණ්ඩායමට එරෙහිව 2012 වසරේ ටෙස්ට් වරම් ලබා ගත් එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටෝ තරග 99කදී ලකුණු 5674 ක් ලබා ඇත.

තරග 99කදී කඩුලු 507ක් ලබා ගෙන ඇති රවිචන්ද්‍රන් අශ්වින් 2011 වසරේ නොවැම්බර් මස දිල්ලි හිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සිය කුළුදුල් ටෙස්ට් හිස් වැස්ම ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment