හතර පන්තියේ සිසුවකුට පහර දී අධ්‍යාපන නිලධාරීන්ටත් චන්ඩි පාට් දැමූ මාන්කුම්පන් විදුහල්පති අත්අඩංගුවට

512

යාපනයේ දූපත් ප්‍රදේශයේ මාන්කුම්පන් පාසලේ හතර වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට පහර දී තුවාල සිදු කිරීමේ චෝදනාව මත එම විදුහලේ විදුහල්පතිවරයා ඌර්කාවතුරේ පොලීසිය විසින් 17 දා අත් අඩංගුවට ගෙන තිබේ.

පහර කෑමට ලක් වූ ශිෂ්‍යයා ප්‍රතිකාර සඳහා යාපනය ඌර්කාවතුරේ රෝහලට ඇතුළත් වූ අතර ඔහුගේ දෙමව්පියන් විසින් යාපනයේ මානව හිමිකම් කොමිසමට හා ඌර්කාවතුරේ පොලීසියට පැමිණිලි කොට තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අදාල පාසලට ගිය යාපනයේ අධ්‍යාපන නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක්ද එල්ල වී තිබූ අතර ඒ සම්බන්ධයෙන්ද ඌර්කාවතුරේ පොලීසියට පැමිණිල්ලක් කොට තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ ඌර්කාවතුරේ පොලීසිය සැකකටයුතු විදුහල්පතිවරයාව අත් අඩංගුවට ගෙන ඌර්කාවතුරේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය දිස්ත්‍රික් කාර්යාලය හා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment