බස් ගාස්තු වැඩි කරන්න ඉල්ලයි

56

ඩීසල් මිල ඉහළ යෑම හේතුවෙන් පෞද්ගලික බස් ගාස්තු ද අවම වශයෙන් 5% ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජය අවසර ලබා දිය යුතු බව, සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

අවම බස් ගාස්තුව ද ඇතුළුව සියලුම ගාස්තු ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව වැඩි කළ යුතුව ඇතැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ඊයේ (02 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

කෙටි දුර ධාවන බස් රථයක් ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව දිනකට රුපියල් දහසක අවම පාඩුවක් ලබන බවත්, දුරගමන් බස් රථ දිනකට රුපියල් දෙදහසක් දෙදහස් පන්සියයක් අතර පාඩුවක් ලබන බවත් එය කිසිසෙත් දරාගත නොහැකි නිසා මෙවර අනිවාර්යයෙන්ම 5% ක ප්‍රතිශතයකින් සියලු ගාස්තු වැඩි කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

පසුගිය වාරයේ ඩීසල් ලීටරය රුපියල් 35 කින් වැඩි කළත්, සිය සංගමය ජනතාව ගැන සිතා ගාස්තු ඉහළ දැමීමට පියවර නොගත් බව ද අංජන ප්‍රියංජිත් මහතා කියා සිටී.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment