ඕස්ට්‍රේලියාවට කඩුලු 05 ජයක්

126

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 14 වැනි තරඟය ලෙස ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති තරඟයේදී ඕස්ට්‍රේලියානු පිල කඩුලු 5 කින් ශ්‍රී ලංකාව පරාජය කළේය.මෙය ඔස්ට්‍රේලියානු පිල මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග 3කදී ලැබූ පළමු ජයග්‍රහණය වන අතර ශ්‍රී ලංකා පිල මේ දක්වා සහභාගි වූ තරඟ තුනම පරාජයට පත්විය.ඕස්ට්‍රේලියානු පිල ලකුණු 210 ක ඉලක්කය ඕවර 35.2 කදී කඩුලු 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.ශ්‍රී ලංකා පිල ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 209(පැතුම් නිස්සංක 61, කුසල් පෙරේරා 78, චරිත් අසලංක 25, මිචෙල් ස්ටාක් 43/2, පැට් කමින්ස් 32/2, ඇඩම් සම්පා 47/4)ඕස්ට්‍රේලියනු පිල ඕවර 35.2 කදී කඩුලු 5 ට 215(මිචෙල් මාෂ් 52, මානස් ලැබුෂේන් 40, ජෝෂ් ඉන්ලිස් 58, ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 31, මාකස් ස්ටොනිස් නොදැවී 20, ඩිල්ෂාන් මධුසංඛ 38/3)

advertistmentadvertistment
advertistmentadvertistment