චීනයෙන් ප්‍රතිඥාවක්

653


ස්වාධීන සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව වැඩිදියුණු කිරීමටත් දරිද්‍රතා උගුලෙන් සහ නොදියුණුවීමේ උගුලෙන් මිදීමටත් චීනය උපකාර කරන බවට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික සහ විදේශ කටයුතු කොමිසම් කාර්යාලයේ අධ්‍යක්ෂ වැන්ග් යී මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ප්‍රතිඥා දී ඇත.චීනයේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍යවරයා සමග පැවැති හමුවකදී වැන්ග් යී මහතා මේ බව සඳහන් කර තිබේ.මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීමට චීනය ශ්‍රී ලංකාවට උපකාර කරන බව එහිදී වැන්ග් යී මහතා සඳහන් කර ඇත.

චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ විශ්වාසනීය උපාය මාර්ගික හවුල්කරුවා වන අතර ශ්‍රී ලංකාව සැමවිටම චීනය සමඟ මිත්‍රශීලීව කටයුතු කරන බවද අවධාරණය කර ඇති ඒ මහතා මූලික අවශ්‍යතාවලට අදාළ ප්‍රශ්නවලදී චීනය සමඟ එක්ව සිටීම අගය කරන බව ද පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment