මීගමුවේ පීසීට ඩුබායි සිට පාතාලයෙන් තර්ජන

323

ඩුබායි සිට දුරකථනයෙන් මීගමුවේ පොලිසියේ කොස්තාපල්වරයකුට මරණීය තර්ජනය කිරීමේ සිද්ධියක් පිළිබඳව විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම කොස්තාපල්වරයා මීගමුව පොලිස් අපරාධ කොට්ඨාසයේ විෂ මත්ද්‍රව්‍ය අංශයේ සේවය කරයි.

ඔහු පොලිස් පාඨමාලාවක් හැදැරීම සඳහා කුරුණෑගල පොලිසියට ගොස් සිටි අවස්ථාවේ ඔහුගේ ජංගම දුරකථනයට මෙම පණිවුඩය ලැබී ඇත.

වැඩිය දඟලන්න එපා උඹයි දරුවයි ගෑනිවයි මරලා දාන්න අපිට පුළුවන් යැයි කියමින් පාතාල අපරාධකරුවෙකු මෙසේ තර්ජනය කර ඇති බව පොලිසිය කියයි.

නෝමන් පිළිහවඩන, ජූඩ් හෙට්ටිආරච්චි- දුන්ගාල්පිටිය

advertistmentadvertistment
advertistmentadvertistment