නිරිතදිගට දිගටම වැස්ස මහනුවර-නුවරඑළිය-රත්නපුරට නාය අවදානම් නිවේදන

207

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. දිස්ත්‍රික්ක තුනකට නාය අවදානම් නිවේදන ද නිකුත් කර ඇත.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි ඇතිවීමේ හැකියාව පවතී. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමග මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

මේ අනුව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර පස්බාගේ කෝරළේ ප්‍රදේශයටත්, නුවරඑළිය අඹගමුව ප්‍රදේශයටත්, රත්නපුර නිවිතිගල ප්‍රදේශයටත් නාය යෑම් හා පස්කඳු කඩාවැටිමේ අවදානමක් පවතින බව දැනුම් දී ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment