සෝම හිමි 20 වැනි ගුණ සමරුව අද

67

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 20 වැනි ගුණ සමරුව අදට (12දා) යෙදී ඇත. උන්වහන්සේගේ ගුණ සමරමින් අද දිනයේ දිවයින පුරා විවිධ පිංකම් සංවිධානය කර ඇත.

2003 වසරේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ දී උන්වහන්සේ අපවත්වූයේ සමස්ත ශ්‍රී ලංකාව ම සෝ සයුරක ගිල්වමිනි.

සෝම හිමියන්ගේ අභාවයත් සමග ම ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය මෙරට සමාජ දේශපාලනික වෙනස්කම් රැසකට මුල පිරිණි.

උන්වහන්සේ අපවත් වනවිට 55 වැනි වියේ පසුවිය.

1974 දී පැවිදි බිමට පත් සෝම හිමියන් 1976 දී උපසම්පදාව ලබා ඇති අතර ජනවිජය සංවිධානය බිහිකිරීමට මුල්වූයේ උන්වහන්සේය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment