5 වන Cargills Square MALL බණ්ඩාරවෙලදී විවෘත කරයි

149

ගෝලීය ආර්ථිකය අභියෝගාත්මකව බලපෑම් කරනු ලබන කාලයක නවෝත්පාදන සහ ප්‍රජා සංවර්ධනයේ පුරෝගාමියකු වන කාගිල්ස් විසින් තම නවතම එළිදැක්වීම සිදුකර තිබේ. බණ්ඩාරවෙල නගර මධ්‍යයේ නිමැවුණු Cargills Square ඵ්කක නම් වූ මෙය 2023 වසරේ විවෘත කෙරුණු දෙවන Cargills Square වෙළෙඳ සංකීර්ණය වන අතර, මෙරට විවෘත කෙරුණ 5 වන Cargills Square වෙළඳ සංකීර්ණය වේ.

මෙසේ විවෘත වූ Cargills Square බණ්ඩාරවෙල හුදු වෙළෙඳ සංකීර්ණයක් නොවන්නේ මෙය අනාගතය පිළිබඳව සුබවාදී ලකුණක් ලෙසින් සනිටුහන් වන නිසාය. මෙය එසේ වන්නේ මුළු රටටම බලාපොරොත්තුවේ ආලෝකයක් දල්වමින් පවුල් සහ තරුණ තරුණියන්ට මෙන්ම නගරයට පැමිණෙන අමුත්තන් සඳහාත් නවමු, විනෝදාස්වාදී සුපිරි සාප්පු සවාරි අත්දැකීමක් ලබාදෙන නිසාවෙනි.

5 වන Cargills Square MALL බණ්ඩාරවෙලදී විවෘත කරයි

එමෙන්ම මහල් පහකින් සමන්විත මෙම වෙළෙඳ සංකීර්ණය තුළ කාගිල්ස් ෆුඩ්සිටි ශාඛාවක්, අවන්හල් කිහිපයක් සමගින් එන Food court එකක්, කඩ සාප්පු පෙළක්, KFC අවන්හලක් සහ 3D පහසුකමද ඇතුළත්වන සිනමා තිර දෙකකින් සමන්විත සිනමා ශාලාවක්ද ඇතුළත් වේ. එමෙන්ම ගනුදෙනුකරුවන්ට අවැසි මූල්‍ය පහසුකම් ලබාදීම සඳහාම වෙන්වුණු කාගිල්ස් බැංකු ශාඛාවක්ද මෙහි ඇතුළත්ය.

මෙම Cargills Square වෙළඳ සංකීර්ණයේ හි මූලිකම පරමාර්ථයක් වන්නේ තරුණ තරුණියන් සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ අපේක්ෂාවන් නව ජීවයක් ලබාදීමයි. මෙසේ පවුල් හිතකාමී විනෝදාස්වාද වෙළෙඳ සංකීර්ණ නිර්මාණය කිරීම මගින් කාගිල්ස් සමාගම අපේක්ෂා කරන්නේ තාරුණ්‍යයේ සිහින මල්ඵල ගැන්විය හැකි සහ තරුණ පරම්පරාවට අවස්ථාවන් සපිරි දීප්තිමත් අනාගතයක් අපේක්ෂා කළ හැකි අවකාශයන් සැපයීමයි. ඉතා සැලකිල්ලෙන් ඔබ අතට පත්කරන විනෝදාස්වාද පහසුකම් සහ සිල්ලර අලෙවිසැල් මෙන්ම එහි ඇති උද්‍යෝගිමත් වාතාවරණය, බණ්ඩාරවෙල ඇතුළු ඌව පළාතේ තාරුණ්‍යය අතර නවෝත්පාදන සහ පෞරුෂ වර්ධනය අරමුණු කරගනිමින් නිර්මාණය වී තිබේ.

5 වන Cargills Square MALL බණ්ඩාරවෙලදී විවෘත කරයි

බොහෝ සාප්පු සංකීර්ණ සහ විනෝදාස්වාදය කැටිවුණු ස්ථාන බොහෝ විට හුදු නාගරික ප්‍රදේශවලට පමණක් සීමා වී ඇති නමුත්, Cargills Square විසින් මෙම සම්මතය බිඳ දමන්නේ ඈත ගම්දනව් වෙතද මෙවන් පහසුකම් සලසාදෙමිනි. දිස්ත්‍රික් සීමා, පළාත් සීමා අභිබවමින් රටපුරා ජනතාවට නූතන විනෝදාස්වාදී අත්දැකීම් ලබාදීම මෙහි මූලික පරමාර්ථයක් වන්නේ එබැවිනි. Cargills Square සංකල්පය ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුවේ 2013 වසරේ කොළඹ නගර සීමාවෙන් එපිට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට විනෝදාස්වාදී සාප්පු සවාරි අත්දැකීම් ලබා දීමේ අරමුණ ඇතිවය. ප්‍රසිද්ධ සමාගමක් විසින් උතුරු ප්‍රදේශයේ සිදුකරන ලද විශාලතම ආයෝජනය සිදුකරමින් යාපනය නගරයේ පළමු Cargills Square ගොඩනැගිල්ල විවෘත විය. එම අති සාර්ථක පළමු පියවරෙන් පසු ගම්පහ, දෙමටගොඩ සහ කටුබැද්ද යන ප්‍රදේශයන්හි පිළිවෙලින් Cargills Square විවෘත විය.

බණ්ඩාරවෙල Cargills Square වෙළෙඳ සංකීර්ණය පිහිටි ස්ථානය වසර සිය ගණනකට පෙර කාල වකවානුවේ සිට පැවත ආ කාගිල්ස් ශාඛාව (Department Store) පිහිටි ස්ථානයයි. මෙම ඓතිහාසික ගොඩනැගිල්ල සංරක්ෂණයෙන් පසු නූතනත්වයට ගැළපෙන පරිදි අලුත්වැඩියා කර අලංකාර ලෙස නිම කර ඇත. එමෙන් ම 1893 වසර දක්වා දිවෙන ඉතිහාසයක් ඇති තවත් ගොඩනැගිල්ලක් වන බණ්ඩාරවෙල හෝටලය ද පිහිටා ඇත්තේ එම ස්ථානය ඉදිරිපිටයි.

බණ්ඩාරවෙල Cargills Square වෙළඳ සංකීර්ණය අභිමානවත් ලෙස මහජනතාවට විවෘත කළ අතර කාගිල්ස් සමාගම විසින් සියලු රටවැසියන්ට එම සුන්දර අත්දැකීම විඳගන්නට ආරාධනා කර සිටියි. රුපියල් බිලියන 1.6 ක ආයෝජනයකින් ඉදිකරන ලද මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි කාගිල්ස් සමූහයේ විශ්වාසය සහ තරුණ තරුණියන් සඳහා නව බලාපොරොත්තුවක් සහ ඔවුන්ට අවැසි අවස්ථාවන් ලබාදීම පිළිබඳව ඇති කැපවීම පිළිබඳ සාක්ෂියකි.

සංස්කරණය – ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment