රු. 2000 නොදුන්නොත් සා/පෙළ බලන ගුරුවරු අද සිට වර්ජනයේ

458

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු කරනු ලබන ගුරුවරුන්ට ගෙවන ලද රුපියල් 2000 ක දීමනාව සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් සිදුකරන ගුරුවරුන්ටත් ලබාදෙන ලෙසත් එසේ නොගෙවන්නේ නම් අද (25 දා) සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කරන බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (24දා) දහවල් අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විiාලය ඉදිරිපිටදී පැවති ගුරු උද්ඝෝෂණයකින් අනතුරුවයි.

මෙම විරෝධතාවය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු කරන ප්‍රධාන මධ්‍යස්ථාන දෙකෙහිම සියලුම ගුරුවරු සහභාගි වී සිටියහ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment