ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍ර අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් ස්විට්සර්ලන්ත රජය සමග බවර් සමාගම අත්වැල් බැඳගනියි

56

විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලයක් සහිත ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන A. Baur & Co පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගමේ Swiss Hospitality & Management Academy (SHMA) ආයතනය, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අධ්‍යාපන ක්‍ෂේත්‍රය නංවාලීමේ අදහසින්, මෑතකදී පුද්ගලික සහ සංවර්ධනය සහ සහයෝගීතාව සඳහා වන ස්විස් ඒජන්සිය(SDC) සමග රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇරඹීය.

මේ සඳහා වන ගිවිසුම අත්සන් කිරීම, 2022 දෙසැම්බර් 8 වැනිදා කොළඹ ස්විස් තානාපති කාර්යාලයේදී පැවැත්වුණි. බවර් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ප්‍රධාන විධායක නිලධාරි රොල්ෆ් බ්ලාසර් මහතා සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනෙ ස්විස් තානාපති ආචාර්ය ඩී. ෆර්ග්ලර් මහතා සමග අදාළ ගිවිසුම හුවමාරු කරගත්හ.

පසුගිය වසර අවසානයේදී බවර් නිලධාරීහු ස්විට්සර්ලන්ත තානාපතිවරයා හමුවී, අධ්‍යාපනික දෘෂ්ටි කෝණයකින් SHMA සහ විවිධ විසඳුම් හඳුන්වා දෙන ලදී. මෙම වසර මුලදී එම සාකච්ඡා තවදුරටත් පැවැත්වුණු අතර, RIESCO වැඩසටහන දේශීයකරණය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට SDC සමග සහයෝගිතා අවස්ථාවක් පිළිබඳව එහිදී බවර් සමාගම වෙතින් යෝජනාවක් ඉදිරිපත් විය.

ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ ස්විස් වෘත්තීය නිපුණතා සංවර්ධන (VSD) විෂය මාලාවක් පෙළගස්වා ක්‍රියාත්මක කිරීම හරහා SHMA විසින් දිවයින පුරා පිහිටි බොහෝ ඉගෙනුම් මධ්‍යස්ථාන පුරා පවතින දේශීය විෂයමාලා ද වැඩිදියුණු කරනු ඇත. වෙසෙසින්ම එහි පුහුණුකරුවන් පුහුණුකිරීමේ වැඩසටහන් හරහා, SHMA හි ප්‍රබල ඉගැන්වීම් ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කරනු ඇත. SSG වැඩසටහන මගින් වසර තුනක් ඇතුළත දක්‍ෂ තරුණ තරුණියන් 2,240ක් නිර්මාණය කිරීමට අරමුණු කර ඇති අතර, පළමු ශිෂ්‍ය බඳවා ගැනීම යටතේ 240ක් 2023 ජූලි මාසයේදී බඳවා ගැනීමට නියමිත අතර 2024 දී සිසුන් 800ක් සහ 2025 දී ශිෂ්‍යයින් 1,200ක් පුහුණු කිරීමට අපේක්‍ෂා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment