රැඳවුම් භාරයෙන් රෝහල් යැවූ ‘අන්තරේ’ හිමියන්ට ඩෙංගු

87

උණ වැළඳීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු දැනට රැඳවුම් භාරයේ පසු වන අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ ගල්වැව සිරිධම්ම හිමිපාණන්ට ඩෙංගු වැළඳී ඇතැයි හෙළි වී තිබේ.

උන්වහන්සේ මේ වනවිට රෝහලේ 49 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහලේ ප්‍රකාශිකාවක ‘දිවයින’ට පැවසුවාය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගල්වැව සිරිධම්ම හිමියෝ දින 90 ක රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටිති.

ගල්වැව සිරිධම්ම හිමියන් රෝහල්ගත කිරීමට ප්‍රමාද වූ බවට චෝදනා කරමින් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ඊයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment