ශ්‍රී ලංකාවේ අංක 1 ඉලෙක්ට්‍රොනික උපාංග වෙළෙඳ සමාගම වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, Blade V50 DESIGN ඇතුළු නවතම ZTE ස්මාර්ට් ජංගම දුරකතන පෙළක් පසුගිය දා උත්සවාකාරයෙන් වෙළෙඳපොළට නිකුත් කරන ලදී. මේ අතරින් Blade V50 DESIGN ජංගම දුරකතනය මෙරට පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වන දුරකතනයක් වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.‘The Smarter Choice’ තේමාව යටතේ පැවති මෙම උත්සවය සිත්ගන්නා තාක්ෂණික වැඩසටහනක් වූ අතර මෙම වැඩසටහන, ලොව හොඳම නව නිපැයුම් ශ්‍රී ලාංකික වෙළෙඳපොළට රැගෙන ඒම සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කැපවීම පෙන්නුම් කරන්නක් ද විය.

128GB සහ 256GB ධාරිතාවන්ගෙන් සමන්විත Blade V50 DESIGN ස්මාර්ට් ජංගම දුරකතන දෙකක්, ZTE Blade A73 සහ Gaming සඳහා විශේෂිත ZTE Nubia Neo 5G ස්මාර්ට් ජංගම දුරකතන මේ අයුරින් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. තාක්ෂණික විශේෂාංග රැසක් සහිත මෙම දුරකතන පෙළ, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ විවිධ අවශ්‍යතාවලට සරිලන අයුරින් නිපදවා ඇති අතර ක්‍රියාකාරීත්වය, විලාසිතාව සහ දැරිය හැකි මිල යන කාරණා අතින් ද මෙරට පාරිභෝගිකයන්ට හොඳින්ම ගැළපෙන බව සිතිය හැකිය.

නව පෙනුමකින් නිකුත් කරන ලද ZTE Blade V50 DESIGN ස්මාර්ට් ජංගම දුරකතනය 6.82-inch HD+ තිරයකින් සහ අධි ක්‍රියාකාරී RAM එකකින් සමන්විතය. වැඩිදියුණු කළ octa-core processor එකකින් සහ multi-lens leurd setup එකක් ද ඇතුළත් මෙහි තවත් විශේෂත්වයක් වන්නේ දීර්ඝ බැටරි ආයු කාලය සහ ස්මාර්ට් UI විශේෂාංගයයි. හඳුන්වා දීමේ මිල ගණන් ලෙස 128GB සැකසුම සහිත දුරකතනය රු. 38,990/-කට සහ 256GB සැකසුම සහිත දුරකතනය රු. 43,990/-කට දැන් ඔබට මිලදී ගැනීමේ හැකියාව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment