ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව අයැදුම්පත් අප්‍රේල් 01 වැනිදා තෙක්

60

ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව 2024/2025 වැඩසටහනට අයැදුම්පත් භාර ගැනීම අප්‍රේල් 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මග පෙන්වීම යටතේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කර ඇත.

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව 2024/2025 වැඩසටහනට අයැදුම්පත් භාර ගැනීම සම්බන්ධව බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙම දීර්ඝ කිරීම සිදු කර තිබේ.

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් මගින් සියලු විදුහල්පතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් දැනුවත් කර ඇති අතර, මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට ඉල්ලුම් කිරීමට සුදුසුකම් සපුරා ඇති දරුවන්ගේ දෙමාපියන් හෝ භාරකරුවන් අදාළ පරිදි විමසීම් කර අයැදුම්පත පාසලේ විදුහල්පති වෙත භාර දෙන ලෙස ජනාධිපති අරමුදල දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆේස් බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ ලබාගත හැකි බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment