ලොක්ඩවුන් වීමෙන් චීන නගරයක ආහාර හිඟයක්

155

කොරෝනා ආසාදිත පොකුරක් මතුවීම හේතුවෙන් පූර්ණ වශයෙන් අගුලූ දමා ඇති චීන නගරයක් වන ‘සී අන්’ නගරයේ වාසය කරන මිලියන 13කට අධික ජනගහනයෙන් ඇතැමෙකු දැඩි ආහාර හිඟයකට මුහුණ පා සිටින බව වාර්තා වී ඇත.

 දැඩි ආහාර හිඟයකට මුහුණ පා සිටින ‘සී අන්’ නගරයේ ජනතාව ඒ බව පැමිණිලි කර ඇතත් බලධාරීන් පවසනුයේ නගරයේ ජනතාවට අත්‍යවශය ආහාර ද්‍රව්‍ය ප‍්‍රමාණවත් පරිදි බෙදාහැරීමට පියවර ගෙන ඇති බවයි.

 ඉතා විශාල කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන් දින 09කට පෙර නගරය පූර්ණ අගුලූ දැමීමකට ලක් කළ චීන බලධාරීහු එක් නිවෙසකින් එක් අයකුට දින දෙකකට වරක් ආහාර මිලදී ගැනීම වැනි අත්‍යවශ්‍ය කරුණකට පමණක් එළිමහනට යෑමේ අවස්ථාව ලබා දී තිබිණි.

 කෙසේ වුවද ඉකුත් සඳුදා සිට කොරෝනා පරීක්ෂණයකට පෙනී සිටීමට මිස වෙනත් කරුණකට කිසිවකුට එළිමහනට යෑම තහනම් කිරීමට බලධාරීන් විසින් පියවර ගැනීමත් සමගම බොහෝ වැසියන් ආහාර හිඟයකට මුහුණ පා ඇති බව වාර්තා වී තිබේ.

 ආහාර හිඟයකට මුහුණ පා සිටින නගර වැසියන් විසින් චීන සමාජ මාධ්‍ය ජාලයක් වන ‘වයිබෝ’ මාධ්‍ය ජාලය වෙත පැමිණ තමන්ට උපකාර කරන ලෙස චීනයේ සෙසු ප‍්‍රාන්තවල ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment