සමගිපුර වෙල් යායේ වන අලියකු මියගිහින්

22

කන්තලේ වාන් ඇළ සමගිපුර වෙල් යායේ පෙරේදා (16දා) උදෑසන වන අලියකු මැරී සිටිනු ගම්වාසීන් දැක ඇති අතර ඒ සම්බන්ධයෙන් වනජීවීයට දැනුම් දී ඇත.

වයස අවුරුදු 30 – 35 පමණ වයසැති උස අඩි 7 කට ආසන්න තරුණ කෙනරක බව වනජීවී නිලධාරීන් කියා සිටී.

ගිරිතලේ පශු වෛද්‍ය කර්යාල නිලධාරීන් පැමිණ අද (18දා) මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත ය. එතෙක් මරණයට හේතුව කුමක් දැයි නිගමනය කිරීමට නොහැකි බව වනජීවී නිලධාරීන් කියා සිටී.

කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment