ශ‍්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයන්ට ලක්‍ෂයක දිරි දීමනාවක්… ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා

324

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහ ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන කී‍්‍රඩකයන්ට දිරි දීමනාවක් ලෙස රුපියල් ලක්‍ෂයක මුදලක් ලබාදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලනාධිකාරිය තීරණය කර ඇත.

ඒ සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පසුගියදා තීරණයකට එළඹ ඇති අතර එහිදී අදාළ දිරි දීමනාව මාස 3 කට වරක් ලබාදීමට නියමිතව ඇත.

ශී‍්‍ර ලංකා යොවුන් සංචිතයේ සිටින සියලූම කී‍්‍රඩකයන්ට මේ මුදල ලබාදෙන බව ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ‘දිවයින’ට පැවැසීය.

‘යොවුන් කණ්ඩායම කියන්නේ රටේ කි‍්‍රකට් අනාගතයයි. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම රටේ කි‍්‍රකට් අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙසයි අපි සලකන්නේ. ඒ අනුව අපි මෙම තීරණය ගත්තා. ඉන් ඔවුන්ව අගය කිරීමට ලක් වෙනවා මෙන්ම ඔවුන්ගේ මානසික ශක්තිය ඉහළ නැංවීමටත් එය ඉවහල් වෙනවා යැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ප‍්‍රකාශ කර සිටියේය.

ශී‍්‍ර ලංකා 19 න් පහළ යොවුන් සංචිතයේ කී‍්‍රඩකයන් 26 දෙනකු වේ.

ලබන මස 7 වැනිදා ඔවුන් බංග්ලාදේශය සමග එක්දින තරගයකට සහභාගි වීමට නියමිත අතර එය ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම මාස 20 කට පසුව සහභාගි වන පළමු ජාත්‍යන්තර තරගය වේ.

19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියත් ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියත් ලබන වසරේදී පැවැත්වීමට නියමිතව ඇත.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment