ඔස්‌ට්‍රේලියානු පොලිස් නිලධරයෙක් ස්ත්‍රී දූෂණ ඇතුළු චෝදනා 87 කට වරදකරු වේ

304

හිටපු ඔස්‌ට්‍රේලියානු පොලිස් නිලධාරියෙකු සිය වසර දහයක රාජකාරි කාලය තුළදී මත්ද්‍රව්‍ය භාවිත කිරීම, ස්ත්‍රීන් 13 දෙනකු දූෂණය කිරීම ඇතුළු ඔහුට එරෙහිව එල්ල වී තිබූ අපරාධ චෝදනා 87 කට ඔස්‌ට්‍රේලියානු අධිකරණයක් හමුවේ වරදකරු බව ඔප්පු වී තිබේ.

ඒඩ්රියන් ට්‍රවෙර් මුවර් නමැති 52 හැවිරිදි බටහිර ඔස්‌ට්‍රේලියානු පොලිස් නිලධාරියා ඔහුට එරෙහිව පැවති නඩු විභාගයේදී මෙසේ අපරාධ ක්‍රියාවන් 87 කට වැරදිකරු බවට උසාවියේ ජූරිය විසින් තීන්දුව ලබා දී ඇති අතර ඔහුට ලබා දෙන දඬුවම ලබන දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. මුවර් විසින් සිය රාජකාරී සමය තුළදී දූෂණය කර ඇති ස්ත්‍රීන් 13 දෙනාට එම අපරාධය කිරීමේදී මත්ද්‍රව්‍ය ලබා දී ඇති බව හෙළි වී තිබෙන අතර ඔහු විසින් එම දූෂණ ක්‍රියාවන් වීඩියෝගත කර ඇති බවද හෙළි වී තිබේ. හිටපු පොලිස් නිලධාරියා චෝදනා 87කට වරදකරු බවට සාක්ෂි වශයෙන් ඉදිරිපත්ව තිබූ වීඩියෝ පට නැරඹීමෙන් අනතුරුව තීන්දුව ලබා දීම සඳහා ජූරියට පැය හයක කාලයක් ගතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment