ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ හොකී තරගාවලිය – ධනුෂ්ක බංකුවේ සිට පැමිණ ශ්‍රී ලංකාව දිනවයි

194

තරගය ආරම්භයේදී අතිරේක ක්‍රීඩකයන් ලෙස බංකුවේ රැඳී සිටි විපුල් ධනුෂ්ක ප්‍රනාන්දු, චතුරංග චන්ද්‍රසේන සහ බෝධික ඩයස් පිටියට පිවිසීමත් සමගම සවිමත් වූ ශ්‍රී ලංකා හොකී පිල හමුවේ පසු බසින්නට සිදුවූ

සිංගප්පූරුවට ගෝල් 05 – 02 ක පරාජයක් අත්විදීමට සිදු විය.

මීළඟ ආසියානු ක්‍රීඩා උළෙලේ හොකී තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ වටයට එක්ව සිටින ශ්‍රී ලංකා පිල මුහුණ දුන් පළමු තරගය මෙය වූ අතර එය පහසුවෙන් ජය ගැනීමට සමත් වීම කැපී පෙණුනි.

රටවල් 09 ක සහභාගිත්වයෙන් තායිලන්තයේ බැංකොක් අගනුවර දී පැවති මෙම තරගයේ පළමු ගෝලය මෙන්ම දෙවන ගෝලය ද වාර්තා කර ගනිමින් 02 – 00 ක් ලෙස පෙරමුණ ගැනීමට සිංගප්පූරුව සමත් වුවද තරගය සඳහා නියමිත කාලය නිමා වන විට ගෝල් 05 – 02 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වීම එහිදී විශේෂත්වයක් ගත්තේය.

දෙවන කාර්තුවේ දී සහ සිව් වැනි කාර්තුවේදී අදාළ ගෝල් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.

දෙවන කාර්තුවේ 24 වැනි මිනිත්තුවේදී චතුරංග චන්ද්‍රසේන පළමු ගෝලය ද 27 වැනි මිනිත්තුවේ දී බෝධික ඩයස් දඬුවම් විඳීමක් සාර්ථක කරමින් දෙවන ගෝලය ද 28 වැනි මිනිත්තුවේදී විපුල් ධනුෂ්ක ප්‍රනාන්දු තෙවන ගෝලය ද රැස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පළමු භාගය නිමා වන විට ගෝල් 03 – 02 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

තෙවන කාර්තුව තුළදී එකදු ගෝලයක් හෝ සටහන් කිරීමට දෙපිලටම නොහැකි වූ අතර සිව් වැනි කාර්තුවේ දී ක්‍රියාත්මක වූ විපුල් ධනුෂ්ක ප්‍රනාන්දු තම දෙවන හා තෙවන ගෝලය 50 සහ 56 මිනිත්තුවලදී රැස් කරමින් ශ්‍රී ලංකා පිලේ ගෝල් තත්ත්වය 05 ක් දක්වා ඉහළට රැගෙන ගියේය.

ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රබල ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වෙමින් ගෝල් ත්‍රිත්වයක්

රැස් කළ විපුල් ධනුෂ්ක ප්‍රනාන්දු ට තරගයේ වීරයා සම්මානය ප්‍රදානය කෙරුණි.

“බී” කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන තරගය හෙට (10) මධ්‍යහ්න 12.30 ට බංග්ලාදේශය ට එරෙහිව පැවැත්වේ.

2018 ඕමානයේදී ක්‍රියාත්මක කෙරුණු ගිය වර තරග මාලාවේ රිදී පදක්කම බංග්ලාදේශයට ද ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට ද හිමි විය. එහි ශූරතාව සත්කාරක ඕමානය සතු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment