ගුවන් හමුදා කෝප්‍රල් සාගරය සුරකින්න හෙට සටනට

125

ගිනස් වාර්තාවක් වෙයිද?

තලෙයිමන්නාරම් මුහුදු තීරයේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරම දක්වා කිලෝමීටර 59.3 ක දුරක් පිහිනා පැමිණ ආසියානු වාර්තාවක් පිහිට වූ ගුවන් හමුදා කෝප්‍රල් රොෂාන් අබේසුන්දර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑමි 100 ක ප්‍රමාණයක් රැගෙන කිලෝ මීටර් 10 ක දුරක් හෙට (08 වැනිදා ) ගල්කිස්ස ප්‍රදේශයේ මුහුදු තීරයේ පිහිනා යෑමට නියමිතය.

රොෂාන් අබේසුන්දරගේ මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ ප්ලාස්ටික් වලින් තොර සාගරයක් වෙනුවෙන් ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීම වන අතර ලෝක සාගර දිනය යෙදෙන හෙට (08 ) දිනය ඔහු ඒ සඳහා තෝරා තෝරාගෙන තිබේ.

ප්ලාස්ටික් වලින් තොර සාගරයක් උදෙසා ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කරවීමේ අරමුණින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ පූර්ණ සහයෝගය හා මගපෙන්වීම යටතේ රොෂාන් අබේසුන්දර මේ සඳහා ඉදිරිපත් වේ.

රොෂාන් අබේසුන්දරට මෙම ඉලක්කය සපුරා ගැනීමට හැකි වුවහොත් ඔහුට ගිනස් වාර්තාවකට උරුමකම් කීමට ද හැකිවනු ඇති අතර වර්ෂ 2019 දී එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නික් වොට්සන් විසින් කි.ග්‍රෑ 40 ක් බරැති ඔරුවක් කි. මී. 10ක දුරක් පැය 6 විනාඩි 6 යි තප්පර 52 ක කාලයක් තුළ රැගෙන පිහිනා ගොස් තබා ඇති ගිනස් ලෝක වාර්තාව මෙසේ බිඳහෙලනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment