අවු. 23න් පහළ කාන්තා දිස්ත්‍රික් ශූරතාවලියේ ජය ගාල්ලට

97

දිස්ත්‍රික්ක 25 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද අන්තර් දිස්ත්‍රික් කාන්තා වයස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාලු දිස්ත්‍රික් කණ්ඩායම සමත්විය. මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී ගාල්ල කණ්ඩායම හමුවේ ලකුණු 18 කින් පරාජයට පත්වූයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමය.

කාසියේ වාසියත් සමඟම පළමුව පන්දුවට පහර දුන් ගාලු කණ්ඩායම පන්දුවාර 18.2 කදී ලකුණු 92 කට සීමා කිරීමට ගම්පහ පන්දු යවන්නියෝ සමත් වුවත් පන්දු වාර 20 අවසානයේ ගම්පහ පිලේ පිතිකාරිණියන්ට කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 74ක් පමණි.

මෙම අවසන් මහ තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න සහ කාන්තා ක්‍රිකට් අංශ සංවර්ධන සහ මෙහෙයුම් උපදේශක ලුතිනන් කර්නල් මනුජ කාර්යප්පෙරුම සහ කාන්තා ක්‍රිකට් උපදේශිකා සුසන්තිකා ජයසිංහ යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

ලකුණු පුවරුව

ගාලු කණ්ඩායම පන්දු වාර 18.2කදී සියල්ල දැවී 92යි – (නෙතාගි ඉසුරංජලී 30, සුමුදු නිසංසලා 10, හිරුණි හංසිකා 08, සුලේෂා සත්සරණි 07, හසිනි විජේසිංහ 22/2, නිපුනි නවෝද්‍යා 14/2, කවිශ්කා කෂ්මිකා 22/2යි)

ගම්පහ පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ට 74යි – (සඳලි වීරසිංහ 16, නෙත්මි ගුණරත්න 11, නිමේෂා තරුණි 08, කාව්‍යා පෙරේරා නොදැවී 09, ශෂිනි ගිම්හානි 14/3, ලක්ෂි අභිමානි 10/2)

advertistmentadvertistment
advertistmentadvertistment