අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ඇතැම් නිලධාරීන්ගෙන් බාධා වුණා – අගමැති

182

සමීක්‍ෂණ මගින් අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ඇතැම් නිලධාරීන්ගෙන් බාධා සහ අභියෝග එල්ලවූ බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. එසේ වුවත් ස්වෙච්ඡා තරුණ කණ්ඩායම්වල සහය ලබාගෙන ප්‍රතිලාභීන් තෝරාගත් බව ද අගමැතිවරයා පැවසීය.

අගමැතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ඊයේ (25 දා) එක්වෙමිනි.

අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවූ පවුල්වලට ජුලි 10 වැනිදා තෙක් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අභියාචනා ලබාදිය හැකි බව ද අගමැතිවරයා කීය.

අඩු ආදායම්ලාභීන් සහ විවිධ රෝගවලට ගොදුරුවී සිටින කිසිවකුටත් මෙම සහනාධාරය අහිමි නොකරන බව ද ඒ මහතා කීය. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දේශපාලන මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සහය ලැබිය යුතු බව ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment