ජන හා නිවාස සංගණනයක් ලබන වසරේ

80

ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් නියෝග කර ඇති ජන හා නිවාස සංගණනය ලබන වසරේ අගෝස්තු මස 05දා සිට සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය ඊයේ (11 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ සඳහා නියමු ව්‍යාපෘතියක් දිස්ත්‍රික්ක තුනක ක්‍රියාත්මක කර අවසන් බවද එම සංගමයේ සභාපති අතුල සීමනආරච්චි මහතා මෙහිදී පැවසීය.

මෙවර පැවැත්වෙන සංගණන කටයුතු විiුත් තාක්ෂණික උපකරණ උපයෝගී කර ගනිමින් සිදු කරන බවද, මෙහිදී කාර්යයන් හතරක් එක් ග්‍රාම නිලධාරිවරයෙකුට කිරීමට සිදුවන බවද හෙතෙම කියා සිටියේය. එම කටයුත්ත එකවර සිදු කිරීමේ අපහසුතා ඇති අතර ඒ සඳහා සහායකයකුගේ සේවය අවශ්‍ය බැවින් මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

මේ වන විට රට තුළ ග්‍රාම නිලධාරීන් 3000 ක පුරප්පාඩු ඇති බව සඳහන් කළ ඒ මහතා ඒ හේතුවෙන් එක් ග්‍රාම නිලධාරිවරයකුට වසම් දෙකක රාජකාරි සිදුකිරීමට සිදුව ඇතැයි ද පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment