කී‍්‍රඩකයන්ට නිල අඳුම් නොදීම ගැන ඇමැති ඔලිම්පික් කමිටුවෙන් වාර්තාවක් ඉල්ලයි… සමහර කී‍්‍රඩකයන්ට ඔලිම්පික් යෑම චාරිකාවක් පමණක් වුණා… කී‍්‍රඩා ඇමැති පාර්ලිමේන්තුවේදී කියයි

889

මෙවර ඔලිම්පික් තරඟාවලියට කී‍්‍රඩකයකු සහභාගි වී ඇත්තේ සිය ක‍්‍රීඩා සපත්තු යුගලය ලංකාවේ අමතක කරදමා බව අනාවරණය කළ තරුණ හා කී‍්‍රඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ඇතැම් ක‍්‍රීඩකයින්ට ඔලිම්පික් යනු හුදෙක් චාරිකාවක් පමණක් නිසා ඔවුන්ට තමන් ජාතික මට්ටමේ දී අත්පත් කර ගන්නා පරිසාධන මට්ටම හෝ අත්පත් කර ගත නොහැකිවූ බව පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා* පැවසීය.

 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ජාතික ධජය සහිතව නිල ඇඳුම් සැපයීම සම්පූර්ණයෙන්ම ඔලිම්පික් කමිටුවට අදාළ කර්තව්‍යයක් වුවද එය නිසි පරිදි සිදු නොවීම සම්බන්ධයෙන් තමා මේ වන විට එම කමිටුවෙන් වාර්තාවක් කැඳවා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

 විපක්ෂ මන්තී‍්‍ර චමින්ද විජේසිරි මහතා මහ තා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමන ලද ප‍්‍රශ්නයක අතුරු ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා මේ බව කීය.

 කවර ක‍්‍රීඩකයෙකු වුවද ක‍්‍රීඩාවට අදාළ විනය සහ ආචාර ධර්ම අනුගමනය කළ යුතු වන අතර ඉදිරියේදී ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තු පනතකින් ආචාර ධර්ම පද්ධතියක් සකසන බවත් කි‍්‍රඩා සංගම් විසින් කී‍්‍රඩකයින් පාලනය කරන යුගය අවසන් කරන බවද සඳහන් කළේය.

 මෙවර ක‍්‍රීඩා ඉතිහාසයේ ප‍්‍රථම වරට ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවූ ක‍්‍රීඩකයින් සඳහා රුපියල් ලක්ෂ 30 ක මුදලක් ද වයිල්ඩි කාර්ඞ් වටයෙන් තෝරාගන්නා ලද ක‍්‍රීඩකයින් සඳහා රුපියල් ලක්ෂ 20ක මුදලක් ද ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් ද ලබා දුන් බව ද ඔවුන් සියලූ දෙනා සඳහා වෙනත් පහසුකම් ද ඇතුළත්ව ඔලිම්පික සංචිතය තුළ සිටි කාලය තුළ දෛනිකව ඩොලර් හතළිහක මුදලක් ලබාදුන් බවද මෙහිදී අවධාරණය කළේය.

 ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ජාතික ධජය සහිතව නිල ඇඳුම් සැපයීම නිසි පරිදි සිදු නොවීම සම්බන්ධයෙන් තමා මේ වන විට ඔලිම්පික් කමිටුවෙන් වාර්තාවක් කැඳවා ඇති බවද ක‍්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළේය. කෙසේ වුවත් ඇතැම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිය සුපුරුදු ඇඳුමෙන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ද සහභාගි වීමට වීමට කැමැත්ත දක්වා ඉල්ලීමක් කර ඇති බව ද මෙහිදී ඇමැතිවරයා කීය.

 දැනට ඔලිම්පික් ජාතික කණ්ඩායමේ සිටින්නේ , ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවූ ක‍්‍රීඩකයින් තිදෙනෙක් පමණක් වන අතර කෙසේ වෙතත් ඔලිම්පික් පදක්කමක් යනු අවුරුදු දහයක් හෝ පහළොවක් පමණ කැප කිරීමෙන් අනතුරුව රටක් විසින් සැබෑ කරගත යුතු සිහිනයක් බවද සඳහන් කළ ක‍්‍රීඩා අමාත්‍යවරයා එය කෙටිකාලීනව අත්පත් කරගත හැකි ජයග‍්‍රහණයක් නොවන බව පෙන්වා දුන්නේ ය.

 ඒ සඳහා මේ වන විට ඉදිරියේදී මෙරටට සුවිශේෂී ජයග‍්‍රහණ අත්පත් කරගත හැකි ක‍්‍රීඩා ක්ෂේත‍්‍ර හඳුනාගනිමින්, එම ක‍්‍රීඩකයන් දැනට විදේශගතව පුහුණුව ලබන බව ද පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.

 ශී‍්‍ර ලංකාව දැනට මුහුණ දෙන ප‍්‍රධානතම අභියෝගය යටිතල පහසුකම් නොව සුදුසු පුහුණුකරුවන් සොයා ගැනීම බවත් කී ඇමැතිවරයා සින්තටික් මංතීරු සහිත ධාවන පථ ඉදිකිරීමට මේ වන විට කටයුතු කරන බවද සඳහන් කළේය.

 මේ අතර ජපානයේ පැවති ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා නිල වශයෙන් සහභාගි වූයේ තමා සහ ක‍්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා පමණක් බව සඳහන් කළ නාමල් රාජපක්ෂ මහතා, ඒ සඳහා සිය ගුවන් ටිකට් පත පවා මිලට ගැනීමට කටයුතු කළේ වසර විසිපහක් තිස්සේ ජපානයෙහි සිය වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන යන අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා බව ද සඳහන් කළේය.

 විපක්ෂයට ගැටලූවක් වී ඇත්තේ තමුන් රජයේ මුදල් වියදම් කිරීම කිරීමකින් තොරව පෞද්ගලික මුදලින් මේ සංචාරයෙහි නිරත වීම නම් වෙනත් මුල් අවස්ථාවන්හිදී නැගුන ගැටලූව වූයේ රජයේ මුදලින් මෙබඳු චාරිකාවන් හි නිරත වීම බව ද වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment