මුහුණු පොත කළ තවත් අපරාධයක් – සිසුවියට අතවර කර කප්පම් අරගෙන

393

මුහුණු පොත මගින් හඳුනාගත් සිසුවියක් නවාතැන් පළකට ගෙන ගොස් දූෂණය කොට පසුව නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කොට කප්පම් ලබා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හපුගල පදිංචි 20 හැවිරිදි සැකකරුවෙකි.

මෙම සැකකරු දහසය හැවිරිදි සිසුවියක් මුහුණු පොත මගින් හඳුනාගෙන ඇති අතර හිරිඹුර ප‍්‍රදේශයේ උපකාරක පංතියක් අසලට ත‍්‍රිරෝද රථයකින් පැමිණ ඇති සැකකරු ඇය වෙනත් ස්ථානයකට ගෙන ගොස් දූෂණය කර ඇයගේ නිරුවත් ඡුායාරූප ලබාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

පසුව සැකකරු ඇයගේ නිරුවත් ඡුායාරුප අන්තර්ජාලයට මුදාහරින බව පවසා බියට පත්කර මුදල් ඉල්ලීම නිසා බියට පත් ඇය අවස්ථා කිහිපයකදීම තම පියාගේ මුදල් සොරකම් කර රුපියල් දස දහස පහළොස් දහස තිස් දහස ආදි වශයෙන් සැකකරුට දී තිබේ.

තම මුදල් අඩුවීම පිළිබඳව සොයා බැලීමේදී දියණිය විසින් මුදල් සොරකම් කර ඇති බව දැනගත් පියා ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමේදී දියණිය විසින් කරන ලද විස්තරය අනුව පොලිසියට පැමිණිලි කර ඇත.

පෝද්දල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී. එස්. සී. සංජීව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා ලසන්ති සැරයන් ගමගේ (59079* යන මහත්ම මහත්මීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment