සුගත් තිලකරත්නගේ වාර්තාවක් බිද වැටේ

543

මීටර් 400 ඉසව්වේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය සටහන් කරමින් කාලිංග කුමාරගේ වසර 23ක් පැරණි තරග වාර්තාවක් බිඳහෙළීමට ඊයේ (29) සමත්වුණි. ඒ, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදීය.ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගය අද පැවැත්වුණි.එහිදී තත්පර 45.07කින් තරගය නිම කළ කාලිංග කුමාරගේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් වසර 23ක් පැරණි රොහාන් ප්‍රදීප් කුමාර විසින් පිහිටුවා තිබූ එම ඉසව්වේ තරග වාර්තාව බිඳ හෙළිමට මෙලෙස සමත්විය.සුගත් තිලකරත්නගෙන් පසු මෙරට ක්‍රීඩකයෙකු වාර්තා කළ දෙවන වේගවත්ම කාලය ලෙසද මෙය වාර්තා අතරට එක්වුණි.

advertistmentadvertistment
advertistmentadvertistment