රට වහන්න – චම්පික කියයි

504

රටේ මතුව ඇති වාතාවරණය සැලකිල්ලට ගෙන වහාම රට වසා දැමීමට ආණ්ඩුව ක‍්‍රියා කළ යුතු යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (31 වැනිදා) ‘දිවයින’ට අදහස් දක්වමින් කියා සිටියේය.

මේ අවස්ථාවේ පවත්වාගෙන යා යුත්තේ අත්‍යවශ්‍ය සේවා පමණක් බවත් හෙතෙම කීවේය.

පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය වහාම විශේෂඥ මණ්ඩලයකගේ පාලනයට භාර දිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

ඒ මහතා මෙසේ ද පැවසීය.

‘රටේ හැත්තෑ පන් ලක්ෂයක් විදුලි පරිභෝගිකයන්ට දැන් අඳුරු යුගයක් උදාවෙලා තියෙනවා. දවසේ පැය විසි හතරෙන් පැය දහතුනක් විදුලිය නොමැති රටක අද අපිට ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඉර මුදුන් වෙලා දැන් ලංකාවට උඩින්. ඒ නිසා අධික උෂ්ණත්වයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා විතරක් නෙමෙයි, ජල භාවිතාවත් ඒ අනුව වැඩි වෙලා තියෙනවා. මේ ඔක්කොටම ප‍්‍රධානම ප‍්‍රශ්නය බවට පත් වෙලා තියෙන්නේ විදුලිය. නිවාසවල විදුලිය නොමැති වීම නිසා විදුලි පංකා කරකැවෙන්නේ නැහැ. රස්නෙයි, කුඩා දරුවෝ ඉන්න තැන්වල රාත‍්‍රියට නිදාගන්න විදිහක් නැහැ. මැසි මදුරු උවදුරුවලට ගොදුරු වෙනවා. ගේ එකම අපායක් වෙලා. කාර්යාල, රජයේ කාර්යාල, පෞද්ගලික කාර්යාල කිසිම වැඩක් කෙරෙන්නේ නැති තැන් බවට පත් වෙලා. සේවකයෝ එනවා. ප‍්‍රධානීන් එනවා. අමාත්‍යාංශ නිලධාරීන් එනවා. වැඩක් කරන් නැතුව හැරිලා යනවා. කර්මාන්තශාලා වැහිලා ගිහිල්ලා. කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙඳ ස්ථාන සම්පූර්ණයෙන්ම අනාථ භාවයට පත්වෙලා. විශේෂයෙන්ම වායු සමීකරණ යන්ත‍්‍රවලට අමතරව ශීතකරණ භාවිතාවෙන් ආහාර හා ඖෂධ කල් තබා ගත්ත ස්ථාන අද ඉතාමත්ම භයානක අර්බුදයකට ගොදුරු වෙලා. ආහාරවල ප‍්‍රමිතිය පිළිබඳ, ඖෂධවල ප‍්‍රමිතිය පිළිබඳ බලගතු ප‍්‍රශ්න මතුවෙලා තියෙනවා. මේ නිසා ඉහළ ගණයේ සුපිරි වෙළෙඳසල් හැරෙන්න, කුඩා පරිමාණයේ වෙළෙඳසල් හාර ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් අද මේ භයානක ව්‍යසනයකට ගොදුරු වෙලා. ඒ වගේම රටේ තිබුණු දස ලක්ෂ සංඛ්‍යාත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියල්ලම අද වැනසී යන තත්ත්වයකට පත්වෙලා. විදුලිබල පද්ධතියේ අභියෝගය නිසා. අප ඉදිරියේ තියෙන අර්බුදය මේ ආණ්ඩුව තවදුරටත් තේරුම් අරගෙන නැහැ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment