පේ‍්‍රම සම්බන්ධය අතවරයකින් කෙළවර වෙලා

917

දාහතර හැවිරිදි පාසල් දැරියකට අතවරයක් සිදු කිරීම හා එම දැරිය අපහරණය කිරීමේ චෝදනාව යටතේ දහසය හැවිරිදි පාසල් සිසුවකු තිස්සමහාරාම පොලිසිය විසින් ඊයේ (31 දින) අත්අඩංගුවට ගෙන තිබේ.

නවය පංතියේ ඉගෙනුම ලබන දාහතර හැවිරිදි දැරියට මෙසේ අතවරයක් සිදු කළේ යැයි කියන සැකකාර සිසුවා එකොළොස් වැනි පංතියේ ඉගෙනුම ලබන අයෙකි.

අතවරයට පත් දැරිය හා සැකකාර සිසුවා ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක උපකාර පන්තිවලට පැමිණ දැන හ`දුනාගෙන තිබේ. පසුව දෙදෙනා අතර මාස හයක පමණ කාලයක් පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇති බව අනාවරණය විය. පසුව ඔවුන් දෙදෙනා පසුගිය 30 වැනිදා දෙමාපියන්ට නොදන්වා නිවසින් ගොස් තිබේ.

දැරිය නිවසින් අතුරුදහන් වීම පිළිබ`දව දැරියගේ දෙමාපියන් විසින් සොයා බැලීමේදී ඔවුන් මාතර බස් රථයකට නැග ගිය බව දැන ගන්නට ලැබී තිබේ.

ඒ අනුව දැරියගේ දෙමාපියන් මාතරට ගොස් ඔවුන් පිළිබ`දව සොයා බැලීමේදී මාතර බස් නැවතුම් පළේ රැුඳී සිටියදී ඔවුන් සොයා ගෙන තිබේ. පසුව ඔවුන් දෙදෙනා රැුගෙන විත් තිස්සමහරාම පොලිසියට භාරදී පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව දැරිය සහ සැකකාර සිසුවා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සිසුවා තිස්සමහාරාම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අතවරයට පත් වින්දිත දැරිය අධිකරණ නියෝග මත වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට තිස්සමහරාම පොලිසිය මේ වනවිට පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවීන්ද්‍ර අබේපිටිය මහතාගේ සහ තිස්සමහරාම සහකාර පොලිස් අධිකාරි ගයාන් ප‍්‍රසන්න මහතාගේ උපදෙස් මත තිස්සමහරාම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment