ඉන්ධනත් නෑ : විදුලියත් නෑ පොලිසියේ රාජකාරි කරුවලේ

183

පොලිස් ස්ථානවලට ඉන්ධන සැපයීම සීමා කිරීම සහ ඉන්ධන ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් බොහෝ පොලිසිවලට ජෙනරේටර් යන්ත‍්‍ර පවා ක‍්‍රියාත්මක කරගත නොහැකිව අඳුරේ රාජකාරි කිරීමට සිදුව තිබේ.

අත්‍යාවශ්‍ය සේවා සඳහා ලබාදෙන විශේෂ ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන තොග අවසන් වීම නිසා රෝහල්, පොලිසිය, ප‍්‍රාදේශීය ලේකම් හා ප‍්‍රාදේශීය සභා කාර්යාල, සමුපකාර ආදී ආයතන දැඩි අසීරුතාවකට පත්ව තිබේ.

පොලිසිවලට ලබාදෙන ඉන්ධන ප‍්‍රමාණය ත‍්‍රිරෝද රථ සඳහා මසකට ලීටර් තිහක්ද, ජීප් රථවලට ලීටර් 150 ක්, යතුරුපැදිවලට ඉතාමත් සීමිත ප‍්‍රමාණයක් සහ ජෙනරේටරයකට ලීටර් 20 ක් පමණද ලබාදීමද සිදු කරන නිසා විදුලි අර්බුදයත් සමග මේ දිනවල පොලිස් රාජකාරි කටයුතු දැඩි ලෙස අසීරුතාවට පත්ව තිබේ.

වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමට යෑම, මහා මාර්ග අනතුරු පරීක්ෂණ සහ නීති කඩ කරන්නන් වැටලීම්, පොලිසිවල පැමිණිලි ලියා ගැනීම්, පොත්පත් කියවීම, අසීරුවීම ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු රැුසක් මේ වනවිට අඩාල වී ඇතැයි වාර්තා වේ.

ඇතැම් පොලිස් නිලධාරීන් තම ජංගම දුරකථනවල විදුලි පහන් දල්වා ගෙන රාජකාරී කටයුතු කරනු දක්නට ලැබුණි.

නාත්තන්ඩිය – රෙක්ස් හැරිසන්

advertistmentadvertistment
advertistmentadvertistment