කාන්තාවක් හක් බෙල්ලන් තිස්දහසක් හංගලා

263


නීති විරෝධී ලෙස හක් බෙල්ලන් 30000 ක් නිවසක සගවා ගෙන සිටි කාන්තාවක් ඇතුළු තුන් දෙනෙකු මන්නාරම පොලීසිය විසින් ඊයේ (17 ද) අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මන්නාරම පොලීසිය වෙත ලබා දීමෙන් පසුව අදාල නිවස පරීක්ෂා කොට නීති විරෝධී හක් බෙල්ලන් හා සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.

නිවස පරීක්ෂා කිරීමේදී මෙම හක්බෙල්ලන්ට අමතරව මුහුදු කූඩැල්ලන් 700 ක්, වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රැම් 19 ක් හා වෙනත් කුඩා ප්‍රමාණයේ හක්බෙල්ලන් 17000 ක් ද පොලීසියට සොයා ගැනීමට හැකි වී තිබේ.
මෙම නිවසේ අයිතිකාරියට මුහුදු කූඩැලන් ළග තබා ගැනීම සදහා බලපත්‍රයක් ඇති නමුත් එම බලපත්‍රය කල් ඉකුත් වී ඇති අතර එහි සදහන් ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක මුහුදු ද්‍රව්‍ය නිවසේ ගබඩා කොට තිබීම නිසා ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment