වාරිමාර්ග ජලාශවල ජල මට්ටම 35% ට බසී

54

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජල මට්ටම සියයට 35 ක මට්ටමට පහළ බැස ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ නිලන්ත ධනපාල මහතාා ‘දිවයින’ ට ඊයේ (01 දා) පැවසීය.

දැනට සමනළ වැව ජලාශයෙන් වාරි කර්මාන්තයට ජලය ලබා ගැනීම ගැටලුවක් වී ඇතත් මෙම ජලාශයෙන් කෘෂි කර්මාන්තයට ජලය අවශ්‍ය බවට පසුගිය මාර්තු 21 පැවති කන්න රැස්වීමේදී බලධාරීන් දැනුවත් කළ බව ද ඒ මහතා කීය. මේ වසරේ බලාපොරොත්තු වූ වැසි තත්ත්වයෙන් සියයට 50 ක් පමණ දැනට ලැබී තිබෙන බවත් ඉදිරි දිනවල නිසිලෙස වර්ෂාපතනය නොලැබුණහොත් එළඹෙන මහ කන්නයට යම් බලපෑමක් සිදුවිය හැකි බව ද ඒ මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment