වැවෙන් ගොඩ දැමූ ජපන් ජබර ටිකත් පොහොට්ටුවේ ප‍්‍රා. ස. මන්තී‍්‍රවරයකු හොරෙන් විකුණලා

447

එප්පාවල, හුරිගස්වැව ගොවි සංවිධානයේ ගොවීන් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට හුරිගස්වැව වැවෙන් ඉවත් කළ ජපන් ජබර ඇතුළු අපද්‍රව්‍ය අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල දේශපාලනඥයකුගේ උපදෙස් මත තලාව ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරයකු විසින් කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයකට හොර පාරෙන් අලෙවි කරන බවට හුරිගස්වැව හා රාජල්ලේගම ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති.

 මහවැලි අධිකාරිය මගින් පසුගිය ජූනි මාසයේ හුරිගස්වැව සුද්ද පවිත‍්‍ර කිරීම් ආරම්භ කොට ඇති අතර, එසේ සුද්ධ පවිත‍්‍ර කිරීමේදී වැවේ කාලයක් තිස්සේ වර්ධනය වී තිබූ ජපන් ජබර, සැල්වීනියා, පන් වර්ග ඇතුළු අපද්‍රව්‍ය වැවේ පිටියට ගොඩ ගසා තිබුණේ තම ගොවින්ගේ ප‍්‍රයෝජනය සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට යොදා ගැනීමට බව හුරිගස්වැව හා රාජල්ලේගම ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

 එසේ ගොඩ ගසා තිබූ වැවේ අපද්‍රව්‍ය කාබනික පොහොර නිෂ්පාදකයකු විසින් රුපියල් ලක්ෂ දෙකක මුදලකට අදාළ ගොවි සංවිධානවලින් මීට පෙර අවස්ථාවකදී ඉල්ලීමක් කර තිබූ මුත් ගොවීන්ට කාබනික පොහොර සපයා ගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් එය අලෙවි නොකළ බවද ගොවි සංවිධාන නියෝජිතයෝ කියා සිටිති. කෙසේ වෙතත් මීට දින දෙක තුනකට ඉහත සිට බැකෝ යන්ත‍්‍රයක් යොදා ගනිමින් අදාළ කාබනික පොහොර නිෂ්පාදකයාගේ කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය වෙත, ගොවි සංවිධානයේ අවසරයකින් තොරව බලහත්කාරයෙන් වැවෙන් ඉවත් කළ අපද්‍රව්‍ය රැුගෙන යන බවට ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment