වියළි කාලගුණයෙන් මාවුස්සාකැලේ හා කාසල්රී ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට

31

මධ්‍යම කඳුකරයට මාසයක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

ඊයේ (19දා) පෙ.ව. 06.00 වන විට මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට පිළිවෙළින් අඩි 13 අඟල් 5ක් හා අඩි 08 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා බ්‍රෝඩ්ලන්ඩ් යන විදුලි බලාගාර 06 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.

සටහන හා ඡායාරූප – මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්කිලක

advertistmentadvertistment
advertistmentadvertistment